IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


චීන දේශපාලන ප්‍රබලයෙක් ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් මහතා ප්‍රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කළ අතර රටේ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද පැහැදිලි කළේය.

එසේම මෙම කටයුතු වලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ  පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය.

නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති එම කටයුතු අවසන් වීමෙන් පසු කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. 

මෙහිදී අදහස් දැක්වූ චීන නියෝජිත පිරිස අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කළ බවද  අනාගත ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබඳව ද විශ්වාසය පළ කළ බවද ජනාධිපති කාර්යාලය පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 



අදහස් (2)

චීන දේශපාලන ප්‍රබලයෙක් ජනපති හමු වෙයි

සුරංග Monday, 24 July 2023 03:14 PM

චීනයේ නාගරික ලේකම් කෙනෙක් රට නියෝජනය කරමින් වෙනත් රටවල රාජ්‍ය නායකයො හමුවෙනවා ඒත් ලංකාවෙ නාගරික ලේකම් කියන්නෙ නිකම්ම නිකං ඩමියක් පමණයි කියන්නෙ ලැබූ අත්දැකීම් නිසා තමයි

:       0       4

pjTuesday, 25 July 2023 02:54 AM

ලංකාවෙ නිලධාරීන් තමනට නීතියෙන් පැවරී ඇති වගකීම් පමණක් හරියටම කරනවා නම් රට මේ වගේ තත්වයකට පත්වන්න කිසිම ඉඩක් නැහැ. දේශ පාලුවනට රජයේ වත්කම් හොරකම් කරන්නත් ලැබෙන්නෙ නැහැ. හැමෝම බලන්නෙ දේශපාලුවකුගේ පිහිටෙන් හරි රට සවාරියක් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 84 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 105 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 539 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 322 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 96 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 529 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site