IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට

(ඩයනා උදයංගනී)

පොළොන්නරුවේ ඉදි කෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ විවෘත කෙරිණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරය දැරූ 2015 වසරේ චීනයේ සිදුකළ සංචාරයේදී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස මෙම රෝහල ශ්‍රී ලංකාවට හිමිවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරු විසින් මෙහි සමරු ඵලකය නිරාවරණය කරමින් රෝහල් සංකීර්ණය විවෘත කළ අතර අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු ආරාධිත පිරිස රෝහල් සංකීර්ණය ද නිරීෂණය කළහ.

චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකෙරුණු මෙම රෝහල් සංකීර්ණය අක්කර16ක භූමි ප්‍රමාණයක ඉදිකර ඇත.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගත වූ කාලය මාස30 කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්‍ය නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05 කින් යුත් මෙහි එක්වර රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයිය හැක.

එහි දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20ක් වන අතර යන්ත්‍ර 100කින් සමන්විත මෙම රෝහලට රුධිර කාන්ද්‍රකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවා සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.

වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් ද මෙහි තිබෙන අතර රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා මෙහිදී අදහස් දැක්වීය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, සුරේන් රාඝවන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (8)

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ජනතා අයිතියට

Nihal Friday, 11 June 2021 04:07 PM

දේශපාලනය රටට මොන තරම් සේවයක් කරනවා නේද?

:       215       4

sathyapalaSaturday, 12 June 2021 11:09 AM

හිඟන්නෙකුට රුපියල් 500 දුන්නාම සතුටුවෙනවා වගේ කොහෙන්හරි රටකින් ණයක් ආධාරයක් උපකාරයක් උදවුවක් ලැබුනාම සතුටුවෙන ආණ්ඩු සහ ජනතාවක් සිටින රටක්. අනේ අපි කවදාක හිනැහෙමුද

:       0       23

buddhiSaturday, 12 June 2021 01:20 PM

ආ ඇත්තද? කරන සේවය දුක් විඳින මිනිසුන් දිහා බැලුවම පේනවා... ගොඩක් තියෙන්නේ සෝබන වැඩ... ඕක රෝගීන්ට හදපු එකක්නේ... මානසික රෝගීන් විවෘත කරන්නේ නැතිව ඇත්ත රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හිටියම ඇතිනේ...!!!.

:       1       459

kasun Friday, 11 June 2021 04:48 PM

විවෘත කරන ඔක්කොම ගිය ආණ්ඩුවේ එ්වනේ..

:       0       62

කනිෂ්ක Friday, 11 June 2021 04:49 PM

දකුණු ආසියාවේ ඇති විශාලතම වකුගඩු රෝහල මෙය නම්, අපේ තරම සිතාගන්නට හැකියි. දැන්වත් ගොවියන්ව කාබනික පොහොර වලට උනන්දු කරවන්න.. යම් දිනෙක එහි ප්‍රතිඵල අපට ලැබේවි...!!! මේ රටේ වකුගඩු සහ පිළිකා රෝගීන් අඩුවේවි. ඔය රෝහලේද වකුගඩු ලෙඩුන් අඩුවේවි...!!! දෙවියන්ගේ නාමයෙන් අහිංසක ගොවියා මුලා කරන්න එපා. ඔවුන්ව කාබනික පොහොර භාවිතයට දිරිමත් කරන්න. නොඑසේ නම් පාඩුවේ ඉන්න. නුඹලාට පින්සිදු වේවි..!!! .

:       0       150

දිසා...... ගම්පහ Friday, 11 June 2021 06:23 PM

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි, අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් ඔබතුමන් කළාවූ මෙම සත්ක්‍රියාව විශාල පුණ්‍ය කර්මයක්...!!!

:       5       112

Ranjit Saturday, 12 June 2021 12:05 AM

ඕක ඉතින් යහපාලන රජයෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියක්නේ. මේ ආණ්ඩුවෙන් කරපු දෙයක්නම් ඕකට වැටෙන නම මොකද්ද කියල කියන්න පුළුවන් දක්ෂයෙක් ඉන්නවද?

:       1       2

Ravi Saturday, 12 June 2021 01:37 PM

තමන්ගේ පුද්ගලික මුදලින් හැදුවා වගේ විවෘත කරන්නේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත

රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 0 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 86 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 8 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න
2024 නොවැම්බර් මස 06 481 0

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිර


‘අයිස් ‘සමඟ කතුන් දෙන්නෙක් පොලිස් දැලේ
2024 නොවැම්බර් මස 06 119 0

රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු දෙල්ගොඩ උඩුපිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


පාරවල් හැදූ හිඟ සල්ලි ගෙවන්න යයි
2024 නොවැම්බර් මස 06 249 0

කිලෝ මීටර 100,000 මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ සහතික කළ බිල්පත් වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 15 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 423 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site