(අංජුල මහික වීරරත්න)
අර්බුදයකට තුඩු දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ නවතා තැබූ චීන පොහොර නැව නැවත චීනයේ සමාගම වෙත ගෙන යාමට එකඟතාවයකට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ අනුව දැනටමත් ගිවිසුම් ගත කාර්යසාධන ඇපකරය සුරැකුමක් ලෙස තබා ගනිමින් සහ ණයවර ලිපියේ හා දෙපාර්ශවයේ ගිවිසුමේ කොන්දේසි අනුගමනය කරමින් පොහොර නැව ආපසු සිය සමාගම වෙත රැගෙන යාමට එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම ඇති කරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති වාණිජ අර්බුදය දෙපාර්ශවයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට ඊයේ (13) ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 02ක් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය මණ්ඩලය නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට බලය දී ඇත.
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’චීන සමාගම සමග එකඟතාවයකට’’
Prasheen Tuesday, 14 December 2021 11:38 AM
ඇමරිකානු ඩොලර් 6.7 ගෙවන්නේ මහින්දානන්දගේ පෞද්ගලික වියදමින්ද?
sena Tuesday, 14 December 2021 11:40 AM
එකගතාවය කියන්නේ අපි සල්ලි ගෙවන්න ඕන කියන එකනෙ...
sharm warn Tuesday, 14 December 2021 12:06 PM
මෙච්චර දීන ජම්මයකින් උපන් පාලකයෝ මේ රටේ කවදාවත් ඉන්න නැතුව ඇති.
ඇත්ත Tuesday, 14 December 2021 12:18 PM
හෙජින් ගනුදෙනු, ග්‍රීසියේ ආයෝජන, ගුවන් යානා ඇනවුම් අවලංගුව, චීන අසූචි පොහොර අවලංගුව යන සාමාන්‍යය ක්‍රමවලින් බැහැර ක්‍රමවේද නිසා පාඩු ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වෙනවා. රටේ ඉන්න ජනතාව බහුතරයක් නිවට හරක් නිසාත් අපේ බහුතර දේශපාලකයන් නූගත් වංචනික කොට්ටාශයක් නිසාත් අප දිනපතා කෝටි ගණනින් ණය වෙනවා. ඒ කෙසේ වෙතත් මේ පාළුවන්ගෙන් රටේ පස හරි බේරගත්තා. චීනය වගේ රටවල් මේ වගේ ඩීල් වලට කියාපු කට්ටිය.
kamal Tuesday, 14 December 2021 12:28 PM
අලාභේ නොදී බේරෙන්න බැහැ.පෝරත් නැහැ ,අතිනුත් කයිට් සර්
Lal Tuesday, 14 December 2021 12:34 PM
වන්දියක් කියලා ඩොලර් මිලියන 8 ගෙවයි වගේ නේද? ඒකෙනුත් කිහිපදෙනෙකුගේ සාක්කුවට කොමිස් වැටෙයි.. අපි නොදන්න කෛරාටික ඇමතිලාගේ වැඩ...
fairoos Tuesday, 14 December 2021 01:10 PM
පච විතරයි දන්නේ මේ ඇමති .ලඟදි ගුටි කාලා තමා නවතින්නේ
chanuka Tuesday, 14 December 2021 01:21 PM
මදැයි කොන්ද පන ඇති නායකයෙක් ගෙනාවා
de silva Tuesday, 14 December 2021 02:51 PM
සර්ගේ මොලේ කචල්
සඳුන් Tuesday, 14 December 2021 03:22 PM
දැන් ජනතාවට කන්න හිඟයි. ආහාර ටික වරායෙන් මුදා ගන්න ඩොලර් නෑ. හොයන්නෙ බලන් නැතුව අසූචි නැවකට ණය වරපත් අත්සන් කිරීමට උපදෙස් දුන් දේශපාලුවො හොයා ගන්නත් නෑ. මේ පාලකයින්ට ඡන්දය දුන් නුදුන් සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටම නිරපරාදේ ඩොලර් මිලියන ගනනින් වන්දි ගෙවීමට සිදුවී ඇත.