IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


චෙන්නායි - යාපනය අතර ගුවන් සේවා යළි

(මහින්ද නිශ්ශංක)

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි හෙට  සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි .

ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10 : 50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකර මහතා පැවසීය .

2019 දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කළ ද කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබීය .

චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය හෙට (12 ) පෙරවරු 10:50 ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී පැයක පමණ කාලයකින් පසු යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත් වීමට නියමිත බව පැවසූ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් මහතා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන බවද පැවසීය .

මේ අතර යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන යළි ආරම්භ වීමත් සමග ගුවන් තොටුපලෙහි රේගු කටයුතු ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා 14 දෙනෙකු ගෙන් සමන්විත රේගු කාර්ය මණ්ඩලයක් අද  කොළඹින් පිටත්ව ගිය බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (ප්‍රාදේශීය සේවා) ඩී.ඒ.එම්.ආර්. සාගර මහතා පැවසීය .

 



අදහස් (1)

චෙන්නායි - යාපනය අතර ගුවන් සේවා යළි

Krishan Sunday, 11 December 2022 03:35 PM

යාපනයේ ගුවන් තොටුපළ එනකොට ලංකාවට ස්කැන් යන්ත්‍ර නැහැ බඩු ස්කැන් කරන්න මැනුවල් කරන්නේ රේගුව එක එකක් රටේ ආරක්ෂාව පැත්තෙන් දෙක ගුවන් තොටුපලේ ගොඩනැගිල්ලේ දෙපැත්තෙන් ගුවන් යානයෙන් එන අයකුට යාහැකියි රේගුවේ අය නියමිත ආකාරයෙන් ගාස්තු අයකිරිමක් කලේ නැහැ යාපනයේ එවා ගැන නිසි පරික්ෂණයක් අවශ්‍යයි 2021 පෙබරවාරියේ සිටම රාජ්‍ය මුදල් අවභාවිතා කිරිමක් සිදුවුනා අනිවාර්යයෙන්ම සොය බැලිය යුතුයි

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1623 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3513 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 931 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2480 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1316 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 6672 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 403 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 666 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1900 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site