IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


චෙන්නායි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලඟ කලබලයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

මැයි 17 ව්‍යාපාරය නම් දෙමළ  හිතවාදී කණ්ඩායමක් පසුගියදා ඉන්දීය ධීවරයන්ට ධීවරයන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ(28) වැටලීමට උත්සාහ ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සති දෙකක කාලයක් තුළ ඉන්දීය ධීවර කණ්ඩායම් දෙකකට ශ්‍රී ලංකික ධීවර කණ්ඩායම් පහර දී ඔවුන්ගේ උපකරණ සහ මත්ස්‍ය අස්වැන්න සොර ගෙන ඇති බව මැයි 17 ව්‍යාපාරය චෝදනා කර තිබේ.

පහරදීමට සම්බන්ධ ශ්‍රී ලාංකික ධීවරයන් අත් අඩංගුවට ගන්නා ලෙසත් දම්රෝ නිෂ්පාදන මිලදී ගැනීම වර්ජනය කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලය අසල විරෝධතාවයේ යෙදෙමින් මැයි 17 ව්‍යාපාරය ඉල්ලා ඇත.

ඉන්දීය ධීවරයන්ට මෑතකදී සිදු වූ ප්‍රහාර පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද, ශ්‍රී ලංකා බලධාරීන්ගේ දැඩි අවධානය යොමු කර ඇත. එම ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉන්දියානු ධීවරයන්ට එරෙහිව කිසිම ආකාරයක බලය භාවිත කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් සිදු නොවන බවට වග බලාගන්නා ලෙසද මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

ඉන්දීය ධීවරයන්ගේ ගැටළු ඔවුන්ගේ ජීවනෝපාය සම්බන්ධ මානුෂීය ගැටළු වන බවත් එම ගැටළු විසඳිය යුත්තේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේද සහ ද්වි පාර්ශ්වික යාන්ත්‍රණ හරහා බවත් මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දී තිබේ.



අදහස් (3)

චෙන්නායි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලඟ කලබලයක්

wimal Wednesday, 01 March 2023 05:41 PM

දම්රෝ මොකද්ද කලේ මුන්ට ?මේක දේශපාලනයේ ගැම්මක් .අපේ රටේ එවුන්ගෙන් තමයි මේවා කැරකිලා යන්නේ .ඉක්මනට ප්‍රතිචාරයක් නොදී වන වෙනකම් දැන් බලා සිටිනු

:       0       0

Prabha Wednesday, 01 March 2023 07:50 PM

මායිම නොපැන හිටපල්ලා .ප්‍රශ්නය ඉවරයි

:       0       0

S.H.Liyanage Thursday, 02 March 2023 08:28 AM

අපේ රටේ මත්ස්‍ය සම්පත් තමිල්නාඩු දීවරයන්ට බලෙන් ගෙනයාමට ඉඩ දීම ගැන මුළු රටම ලැජ්ජා විය යුහ්ටුයි .මෙම ජාවාරම් කරුවන් එලවා දැමීමට වගකිව යුතු රජයේ නිලධාරීන් සහ නාවික හමුදාව නීතිය ඉදිරියට ගෙනවිත් තමන්ගේ රාජකාරිය පැහැර හැරීම ගැන නිදහසට කරුණු විමසිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 768 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 3769 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4877 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12734 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4466 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 583 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site