(යොහාන් භාසුර)
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත් විය.
හර්ද්‍රික් පාණ්ඩියා නායකත්වය දැරූ පසුගිය වසරේ ශූරයන් වූ ගුජරාට් ටයිටන්ස් පිලට අනු ශූරතාව හිමිවිය.
චෙන්නායි පිල මේ දක්වා පැවැති අයිපීඑල් තරඟාවලි දාසයේදී ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වේ.
ශූරතාව දිනූ චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 20 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72 කට ආසන්න මුදලක් සහ අනු ශූරතාව හිමිකරගත් ගුජරාට් ටයිටන්ස් පිලට ඉන්දීය රුපියල් කෝටි 13 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 47 කට ආසන්න මුදලක් ත්‍යාග ලෙස හිමිවිය.
අහමදාබාද්හිදී අද පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 5 කින් ගුජරාට් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කය වෙනුවෙන් ඉනිම ආරම්භ කර තෙවැනි පන්දුවේදී වර්ෂාව ඇඳහැලීමෙන් තරගය අත්හිටුවීය. ඒ වන විට චෙන්නායි පිල පන්දු 3 කදී කිසිවෙක් නොදැවී ලකුණු 4 ක් ලබා සිටියේය. වර්ෂාවෙන් පසුව තරගය ආරම්භවීමේදී චෙන්නායි පිලට ජයග්‍රහණය සඳහා ඔවර15 කදී ලකුණු 171 ඉලක්කයක් භාරවිය. මෙම තරගයේදී චෙන්නායි පිලට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් වන වේග පන්දු යවන මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ක්‍රීඩා කළහ.
මතීෂ පතිරණ ඕවර 4 ට ලකුණු 44 ක් ලබාදෙමින් කඩුලු දෙකක් දවාගත්තේය.
මහීෂ් තීක්‍ෂණ යැවූ ඕවර 4 ට ලකුණු 36 ක් රැස්කිරීමට ගුජරාට් පිතිකරුවෝ සමත් වූහ.
සායි සුදර්ශන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 96 ක් රැස්කිරීමට සමත් විය.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ගුජරාට් ටයිටන්ස් පිල ඕවර 20 කදී කඩුලු 4 ට 215 (රිදීමන් සාහා 54, සුබ්මන් ගිල් 39, සායි සුදර්ශන් 96, හර්ද්‍රික් පාණ්ඩියා නොදැවී 21, දීපාක් චාහල් 38/1, රවීන්ද්‍ර ජඩේජා 38/1, මතීෂ පතිරණ 44/2) චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 15 කදී කඩුලු 5 ට 171 (රුටුරාජ් ගයක්වාඩ් 26, ඩෙවොන් කොන්වේ 47, ශිවාම් ඩුබෙ 19, අජින්ක්‍යා රහනේ 27, රවීන්ද්‍ර ජඩේජා නොදැවි 15, නුර් අහමඩ් 17/2, මොහිට් ශර්මා 36/3)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චෙන්නායි සුපර් කිංග්ස් ශූරතාව දිනයි