IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


චීනයේ තවත් කොරෝනා වයිරසයක්

‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන Human metapneumovirus (HMPV) වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති බවත් ඉකොනොමික්ස් ටයිම්ස් පුවත් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් පවසයි.

මෙම වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පැතිර යෑමට පටන් ගෙන ඇත. රෝහල් උණ රෝගීන්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් ද පවතින බව පැවැසෙයි. තහවුරු නොවුණත් ලැබෙන වාර්තා අනුව, මෙම වයිරසය ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් 19 ඇතුළු වයිරස කීපයක් මිශ්‍රවී නිර්මාණය වූ නව වයිරසයක් යැයි බියක් පවතී.

කෙසේ නමුත් වයිරස ව්‍යාප්තියක් ගැන චීන සෞඛ්‍ය අංශ මෙතෙක් කිසිවක් පවසා නැත.

චීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව මෙරට වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඩේලිමිරර්



අදහස් (5)

චීනයේ තවත් කොරෝනා වයිරසයක්

sathyapala Saturday, 04 January 2025 01:28 AM

මේ වයිරසය ගැන ප්‍රවුර්ති අන්තර්ජාලයේ හොයලා බලපුවාම ඉන්දියාවේ පුවත් ආයතන පමණයි. මේ ගැන මහා හඩක් නගන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රවුර්ති ආයතන කිසිවක් මේ ගැන ලොකු කලබලයක් හෝ හඩ නැගීමක් නෑ. අරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් එල්ලවෙනවා කියමින් අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ දමන්නට කවුරුන් හෝ කළා මෙන් චීනයේ ආර්ථිකය කඩා දමන්නට කරන බියගැන්වීමක්ද කියලත් සොයා බලන්න ඕනේ. HMPV කියන වයිරසය අලුත් එකක් නොවෙයි. ඒ ගැන අන්තර්ජාලයේ පෙර සිටම තොරතුරු තිබෙනවා...

:       7       6

බද්රානි Saturday, 04 January 2025 02:31 PM

අපෝ! අපි නම් ඔය වයිරස් වලට බය නැහැ. ඒ කාලේ කොවිඩ් වලට හදපු පැණියක් අපි ළඟ තියනවා. ඒක බිව්වාම ඔය කියන කිසිම වයිරසයකින් අපිට හානි වෙන්නේ නැහැ. ඒ වුණාට කෝකටත් කියලා සෞඛ්‍ය ඇමැතිතුමා ගඟකට මුට්ටියක් දෙකක් අත හැරියා නම් හොඳයි. ඒ විතරක්ද..., දැන්මම ඉඳලා හෝටල් නිරෝධානයට ලැහැස්ති කරලා, විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ගානක් කඩා ගන්න සැලසුම් කලොත්, නරකද? මුදල් අතේ නැති ශ්‍රී ලාංකිකයින්ට මේ රට වහලා එහෙටම වෙලා ඉන්න කියන්නත් පුළුවන්. ඇන්ටිජන් කට්ටලෙන් ගාන අතට එන එක ගැන හීන මවනවා ඇති අර හාදයා...

:       4       9

ජගත් ලියනගේ Saturday, 04 January 2025 02:37 PM

ඖෂධ නිෂ්පාදකයින් පොහොසත් කිරීම සඳහා, මිනිසා විසින්ම නිර්මාණය කරන වෛරස ඕවා...

:       1       7

රුවන් Saturday, 04 January 2025 05:37 PM

දෙරණ දිලිත් ජයවීර නම් දැනටමත් ලැස්තිවෙලා ඇති හොර ගේම්වලට. මතකයිනේ ගියපාර කරපුවා..!

:       3       5

Mohan Saturday, 04 January 2025 06:12 PM

මම අවුරුදු දාසයක් විතර චීනයේ උතුරු ප්‍රදේශය ඉන්නේ. මෙහෙම කියන තත්ත්වයක් නෑ. සාමාන්‍යයෙන් චීනයේ මේ කාලයේදී සෙම රෝගවල කිසියම් වැඩිවීමක් තියෙනවා. මෙය ඉන්දියානු පහත් මාධ්‍ය වලින් ප්‍රකාශ වන කුමන්ත්‍රණයක්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට
2025 අප්‍රේල් මස 20 47 0

වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.


‘කොකේන්‘සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු
2025 අප්‍රේල් මස 20 269 0

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්
2025 අප්‍රේල් මස 20 156 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන


පාස්කු ඉරිදා අදයි
2025 අප්‍රේල් මස 20 220 0

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.


අද වහින තැන් මෙන්න
2025 අප්‍රේල් මස 20 115 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම


සීගිරියේ වන විනාශය
2025 අප්‍රේල් මස 20 391 0

සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 266 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 243 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site