IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

(තිළිණි ද සිල්වා)
 
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.
 
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
 
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 41 දෙනකු මියගොස් ඇති අතර වෛරසය පැතිර ගොස් රටවල් ගණන 11ක්.මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරයෙන්.
 
නගරයේ කරදිය මත්ස්‍ය වෙළඳපොලක් ආශ්‍රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා විය.චීන සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.
 
එමෙන්ම සාමාන්‍ය වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන තිබේ.කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
කොරෝනා හේතුවෙන් දැනට චීනයේ පමණක් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වි ඇති සංඛ්‍යාව 1200 කට අධිකය.මිය ගිය පිරිස අතර හුබෙයි ප්‍රාන්ත රෝහලක වෛද්‍යවරයෙකුද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා තිබේ.


 



අදහස් (8)

චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්

kamal Sunday, 26 January 2020 02:01 AM

ඉතාම ජනහිතකාමී තීරණයක්. අනාගත විදේශ ඇමතිවරයාට යහපත් පූර්ව ආදර්ශයක්. තමන්ගේ රාජකාරිය කළයුතු ආකාරය පිළිබඳව..

:       2       30

de silva Sunday, 26 January 2020 03:28 AM

හරි තීරණයක්... රටක වැදගත්ම දේ පුරවැසියන්, ප්‍රමාද නොවී පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණය කිරීමට ඔබට ප්‍රණාමය පුදකරමි.

:       0       8

Asuramaanna Sunday, 26 January 2020 05:37 AM

සෞඛ්‍ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි. මොන කාලකන්නි මිනිස්සු ජාතියක්ද මන්දා මේ චීන්නු කියන්නේ දෙයියනේ මෙච්චර කෑමට සුදුසු ලෙස පිළිගත් මස්වර්ග තිබියදී මේ ජරා වවුල් මස් කන්න තරම් මේ අය හරක්ද? කලින් සාර්ස් වෛරස් වසංගතයත් චීනුන්ගේ කෑම නිසා ආපු එකක්, ලෝකෙම මුන්ට තහනමක් පනවන්න ඕනෑ. මේ වගේ නුසුදුසු කෑම කන්න එපා කියලා... නැත්නම් ලෝකෙම මිනිස්සුන්ට විඳවන්න වෙනවා ළඟදීම...

:       76       108

Supun Sunday, 26 January 2020 06:14 AM

චීනයේ සිට ශ්‍රී ලංකා ශිෂ්‍යයින් ආපසු ගෙනඒම වැළැක්වීම සඳහා මෝඩයන් මෙන් කතා නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වේ... මෙය ජනතාවගේ ජනාධිපති ලෙස හොඳ තීරණයක්. මෙම ක්‍රියාව ඕනෑම විදේශීය රජයකින් ගනු ලැබුවහොත්, අපගේ ජනතාව ඔවුන්ව පිළිගන්නේ කෙසේදැයි අපට දැකගත හැකියි.

:       1       10

wasantha Monday, 27 January 2020 12:01 AM

කම්පැණි සහ හෙන්චයියලාට කලින් රටවැසියන්ට මුල් තැනදීම ජනපතිගෙන් හැමෝටම ආදර්ශයක්...

:       0       16

Thilak Monday, 27 January 2020 08:44 AM

මේගොල්ලෝ මෙහෙට ගෙනෙන්නේ ලෙඩ බෝ කරන්නද.?

:       29       0

sharm warnTuesday, 28 January 2020 04:34 AM

ඒ අපේ ළමයි. ඔයාට ඕන අපේ ළමයි එහෙදි ලෙඩ වෙලා මැරිලා යනවා දකින්නද?

:       0       1

sharm warn Tuesday, 28 January 2020 04:37 AM

නිවැරදි තීරණයක්. ඒ වගේම මෙරටට එන චීන සංචාරකයන් නවතාලන්න බැරි නම් අඩු ගානේ වෛද්‍ය සහතිකයක් අරන් එන්න කියන්නවත් වෙනවා. හරි නම් යූ එන් එකෙන් චීනෙට සංචාරක තහනමක් පනවන්න ඕන. එයාලා චීනේ නලවන එකෙන් වෙන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ව අවධානමක හෙළන එක විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2049 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 393 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 681 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1025 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 181 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 643 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site