IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


චීනයෙන් එන සිසුන් දියතලාව කඳවුරට

(ඩයනා උදයංගනී)

චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් සති දෙකක කාලයක් දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා තබන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඔවුන් එහි  කාමරවල වෙන් වෙන්ව රඳවා තබාගෙන පරීක්ෂාවන්ට ලක්කරන බවද ඇය කීවාය.

එමෙන්ම චීනයේ සිට මෙරටට පැමිණෙන සියලු දෙනා සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන සෞඛ්‍ය අංශ මගින් නිරන්තර
පරීක්ෂාවන්ට ලක්කිරීමට පියවර ගෙන ඇතැයිද ඇය සදහන් කළාය.

ඇමතිවරිය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (22)

චීනයෙන් එන සිසුන් දියතලාව කඳවුරට

eresh S kumara Tuesday, 28 January 2020 08:03 AM

වෙන් වෙන් කාමර වල දාල විතරක් හරියන්නේ නෑ. ඒ අය පාවිච්චි කරන වැසිකිලි ආදියට මොකද කරන්නේ. මොකද එක කිවිසුමක් ගියත් වාතයේ රැදිලා තියෙන්න පුළුවන් වෛරසයේ අංශු.

:       3       116

රවින් Tuesday, 28 January 2020 08:20 AM

අනේ හොඳයි . කොහොම කොහොම හරි අපේ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි ජිවිත ආරක්ෂා වුනොත් ඒ ඇති.. දෙමවුපියන්ටත් හිතට සැනසිල්ලක්. මොකෝ බලෙන් ඇඟ දා ගත්ත එකක්යැ. පිටරට ගියේ මොකක් හරි දෙයක් ඉගෙනගන්නනේ.

:       31       247

DarshanaTuesday, 28 January 2020 12:13 PM

ඔය මොකක් හරි ඉගෙනගන්න පිටරට ළමයි අරින එක තමයි වැරැද්ද. ලංකාවේ උසස්පෙළ විභාගේ අසමත්නම් නැවත නැවත ලියලා හරි මෙහෙ එකකට යන්න. දැන් සිද්ධි කීයක් වුනාද ? ගෑස් කාන්දුවකින් මැරුනා. දැන් වයිරස්. ලංකාවේ තරම් ඉගෙන ගන්න මෙච්චර තරගයක් තියන රටක් නැහැ. අන්තිමේ පයිලට් ලයිසන් අරන් බැංකුවේ වැඩකරනවා. එක්කෝ උපාධි අරන් වෙන රටවල අය බැඳලා දෙමව්පියෝ අතැරලා නතරවෙනවා. මේක ලාංකිකයන්ගේ අගේ තියන තවත් වයිරසයක්. අනිකාට වඩා කැපී පෙනෙන්න ඉගනගන්න එක.

:       101       1

ලුම්බිණි Tuesday, 28 January 2020 08:26 AM

සයිටම් හරියට හදා ගෙන තිබුන නම් මේ ළමයින්ගෙන් වැඩිදෙනෙක් කරදරයක් නැතුව ඉන්නවා නේද?

:       414       829

සනත් ඉතාලිය Tuesday, 28 January 2020 09:00 AM

මෙතන අදහස් ලියන වැඩිපිරිස පාට කන්නඩි කුහකයො ගෙනාවත් වැරදි නොගෙනාවත් වැරදි .

:       175       152

Shan Tuesday, 28 January 2020 09:13 AM

මේ හදන්නේ ලංකාවට මේ වෛරස පතුරුවන්න.

:       518       266

Rasika Tuesday, 28 January 2020 09:16 AM

කඳවුරේ ඉන්න බට පිරිස අධිකයි වෙන තැනක් නැද්ද.

:       4       66

mahinda Tuesday, 28 January 2020 09:35 AM

චින්නු දාගෙන වුනු නස්පැත්තියක්.

:       28       107

CiscoTuesday, 28 January 2020 11:14 AM

සමහරු අදහස් දානවා චීන්නු දාගෙන කියලා. මේක හැදුනු අය ඉන්න රටවල් දිහා බැලුවම සාපේක්ෂව ශ්‍රී ලංකාව හොඳ බව පේනවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ හැම දෙයක්ම පාට කන්නාඩි වලින් බලන එක. පරිස්සම් වෙන එක තමයි හොඳම දේ.

:       1       0

siri Tuesday, 28 January 2020 09:36 AM

මෙ සිසුන් ආපසු ගෙන්වා ගැනීම සඳහා රජයේ උදව් ලැබෙන බවට විශාල ප්‍රචාරයක් ගෙන ගිය නමුත් එය එසේ නැති බවයි වාර්තා වන්නේ. කලින් බලයේ හිටිය දවස් වල සුරතල් බලු පැටවුන් ගෙන්වා ගැනීමට යුරෝපයට ගුවන් යානා යැව්වාය කියා චෝදනා ලබපු කට්ටියක් නේද දැන් බලයේ ඉන්නේ ?

:       744       1246

රවින් Tuesday, 28 January 2020 10:11 AM

මෙහිදී තව එක කරුණක් ගැන කාගේ කාගේත් අවදානය ගිලිහි ඇති හැඩයි. අපිත් පොඩ්ඩක් විපරම් කරමු ඇයි මෙම ළමයින්ව දියතලාවටම යවන්නේ කියලා.

:       18       67

Jehaan Tuesday, 28 January 2020 11:00 AM

මේ ළමයින්ව රටේ කොහෙට හරි යවලා පරික්ෂා කරලා මේ වසංගතයෙන් රටේ ඉතුරු මිනිස්සු ගලවා ගත යුතුයි. ආණ්ඩුවට විතරක් බැන බැන ඉඳලා වැඩක් නැහැ. මේ ගැන පරීක්ෂාවෙන් කටයුතු කිරීම හැමෝගෙම වගකීමක්. මේක ඔන්න ගෙන්නුවා මෙන්න භාර ගන්න කියලා ගෙවල් වලට ගුවන් තොටින්ම පටවා යවන්න බැහැනේ.

:       2       46

Mahesh Tuesday, 28 January 2020 11:04 AM

මේ අය ගෙනාපු එක නම් ලොකු මෝඩ වැඩක්. යම් විදියකින් ඒ ආපු ළමයිට වෛරසය වැළදිලා තිබුනොත් ඒකට දෙන ප්‍රතිකාර අපේ ගාවට වඩා චීනයට තියෙනවානේ. මෙහේ ගෙනල්ලා ඒ ළමයි ටිකත් අමාරුවේ වැටෙන වැඩක් මේක.

:       182       71

මහින්දපාල Tuesday, 28 January 2020 11:07 AM

මේ අයව මෙදමූලනේට ගිහින් දෙම්මා නම් තමා හොන්ද .ජනතාවගේ බදු සල්ලි වලින් බල්ලෝ තෑගි දෙන්න අශ්ව පැටව් ගෙන්න ගත්තෙ නිකම්ද ?

:       491       459

ලැවොයිසියර් Tuesday, 28 January 2020 11:37 AM

මාස දෙකට චම්පික, රාජිත, රන්ජන්................හාල් මිල, එළවලු මිල,....බඩු මිල... ස්ථාන මාරු, රස්සාවලින් දොට්ට.......වැස්ස , ගංවතුර , කොරෝනා තුනෙන් දෙක.......ඊළඟට ……?

:       0       2

sanath Tuesday, 28 January 2020 11:39 AM

මේ සිසුන් බොහෝදෙනා මේ ආසියාතික රටවලට ගොස් දුක් විඳින්නේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමටයි. මේ සිසුන්ට ලංකාවේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පුද්ගලික අංශයේ හෝ විශ්වවිද්‍යාල තිබුණා නම් මේ දේවල් වෙන්නේ නැහැ. තව කෙනෙකුගේ අධ්‍යාපනයට ඊර්ෂ්‍යා කරන කුහකයින් මේවට වග කිව යුතුයි.

:       0       102

Ruhunu Tuesday, 28 January 2020 11:48 AM

කොරෝනා නිසා කට්ටියට රංජන්ව අමතක වෙලාම ගියා..

:       0       2

Anuhas Tuesday, 28 January 2020 11:58 AM

අනේ අපේ හමුදාවේ කොල්ලෝ ටික පරිස්සම් වන්න.දළදා සමිදු පිහිටයි. රැකවරණයි! සියලු දෙනා සුවපත් වේවා !

:       0       16

මෝ Tuesday, 28 January 2020 02:31 PM

සිරි, ගොන් කතා කියන්න එපා. ඔය ගෙන්නගන්නේ චීනයේ ඉගෙනගන්න අපේ දරුවන් නොවෙයිද? එකම දේ වූහාන් පළාතේ හිරවෙලා ඉන්න සිසුන් ගේන්න ගුවන් යානයක් ලෑස්ති කරල තිබ්බත් එය ගොඩ බාන්න චීන රජය අවසර දීලා නෑ. අපිට විතරක් නෙවෙයි, අනිත් රටවලටත් එහෙමයි.ඉතිං බොරු ප්‍රචාර දෙමින් ජනාධිපතිතුමාට මඩ ගහන්න එපා. ජරා, ජීර්ණ අසික්කිත විකෘති ආසාවන්ගෙන් පෙලෙන්නන්ගෙන් සමන්විත යූඑන්පියේ ගොට්ටෙක් බව පෙනේ. ඔබ වැන්නවුන් මේ රටට මහා පිළිලයන්ය.

:       1       8

මෝ Tuesday, 28 January 2020 02:34 PM

මේක ජාතික ආපදාවක්... ආතල් දෙන්න එපා. මේක ඉස්සෙල්ලාම වැළඳෙන්න ඕනේ මේ වගේ අයටයි.

:       1       0

ferna Tuesday, 28 January 2020 03:49 PM

රටටම දෙන්න වගේ .... ගුවන් තොටුපොළ ඉදන් දියතලාව යනකන් ආරක්ෂාව....?

:       1       3

de silva Saturday, 01 February 2020 03:04 PM

මත්තලට ගොඩබහින සිසුන් හම්බන්තොට පැත්තේම නතරකර තබාගන්න බැරිද? හම්බන්තොට පැත්තේ ජනගහනයත් අඩුනිසා බෝවීමේ ප්‍රවණතාවයත් අඩු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1998 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 378 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 668 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 998 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 176 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 635 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 729 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site