IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


චැනල් 4 හෙලිදරව්ව ගැන ජනපති අත ගසයි

(අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ "චැනල් 4" නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිටුව පත් කිරීමට නියමිතය.

ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් වෙත පවරා තිබේ.

ඊට අමතරව චැනල් 4 ⁣හෙලිදරව්ව පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත පවරා තිබේ.

 



අදහස් (20)

චැනල් 4 හෙලිදරව්ව ගැන ජනපති අත ගසයි

mahinda Saturday, 09 September 2023 08:26 AM

මෙරට සිටි කීරීර්තිමත් මානව හිතවාදියකු, නීතිවේදියකු මෙන්ම දේශපාලඥයකු වූ ප්‍රින්ස් ගුණසේකර මැතිතුමා 88/89 න් පසු එක්සත් රාජධානිය ස්ථිර පදිංචියට යනවා. එහිදී එක්තරා අවස්ථාවක එතුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් පළවුණා. එරට නියෝජිතයා එ/රා තුළ බෙදා හැරියායි කියා එම ආයතනයට විරුද්ධව එරට අධිකරණයේ නඩුවක් පවරා වන්දි ඉල්ලනවා.

:       59       1

S.H.Liyanage Saturday, 09 September 2023 08:53 AM

චැනල් 4 කතාව ඇහුණුවිට මට මතක් වෙන්නේ අරාබි නිසොල්ලාසයේ කතා. මේ වගේ සුරංගනා කතා වලට කාලය සහ මුදල් නාස්ති කිරීම පවක්..

:       19       92

dilshan Saturday, 09 September 2023 09:07 AM

මේක විහිළුවක්...

:       34       76

rifan Saturday, 09 September 2023 09:12 AM

එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත පවරා තිබේ.

:       39       37

Achini Saturday, 09 September 2023 09:46 AM

ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා කිව්වා නේද? දැන් ඒක නැද්ද? ප්‍රසන්න රණතුංග කියයි නැහැ කියයි...

:       47       33

,Ariyathilaka Saturday, 09 September 2023 10:02 AM

"හොරාගේ අම්මාගෙන් පේනෙ ඇහුවා වගේ" නොවේ "අම්මා හොරාගෙන් පේනෙ ඇහුවා වගේ" නොවුණොත් හොඳයි!

:       2       61

ගාමිණී Saturday, 09 September 2023 10:49 AM

මොවුන් වගේ බොරුකාරයෝ මේ ලෝකෙ කොහේවත් නැතිව ඇති. ⁣හැමදාම බොරු කොමිසන් දානවා විතරයි. හොයාගත්ත දෙයක් නැහැ. මිනිස්සු රවටිටන්න හැමදාම බොරු කරන්න පුළුවන්... හැබැයි උඩ ඉන්න දෙවියෝ රවට්ටන්න හැමදාම බැහැ.

:       2       45

සිල්වා Saturday, 09 September 2023 11:09 AM

අපරාදේ... මහජන මුදල් නාස්ති කරන්න එපා.

:       16       26

Nimal Saturday, 09 September 2023 12:21 PM

හෙංචයියලාවම පත්කරගන්න එක හොඳයි. ඒ ගොල්ලෝ විභාගයටත් කළින් තීරණවලට පැමිණිලා හමාරයි.

:       31       25

Rata Perata Saturday, 09 September 2023 12:25 PM

මෙන්න මේ වගේ තවත් අපේ බදුමුදල් කාබාසිනියා කරන වැඩ තමයි කරන්නේ. නිකන් වටේ යන්නේ නැතුව ශානි අබේසේකර ව දාන්නකෝ විමර්ශණයක් කරන්න කියලා... ඒවා නම් කරයි මේ රාජපක්ෂලා...

:       34       31

Rohana Saturday, 09 September 2023 12:39 PM

මීට කලිනුත් කොමිසමක් දාලා ඒකෙ වාර්තාවත් නිකුත්වෙලා තියෙද්දී නැවත කොමිසමක් මොන එකකටද? කොමිසම් දදා ප්‍රශ්න මගහැරීම රටේ වගකිව යුත්තන්ගේ ක්‍රියාපිළිවෙළ බව අමුතුවෙන් කියන්න ඕනැ නෑ.

:       1       23

C.K.Lankaputhra Saturday, 09 September 2023 12:45 PM

ශහ්! ලොක්කාට පුදුම මොලයක්නේ තියෙන්නේ... පත්කරපු අයගේ දිහා බලපුවාම හිතාගන්න පුළුවන් කමිටුවේ අවසාන තීර්ණය. මේවාට විහිළු කියලා මදි.., වෙනවෙන වචනයක් හොයාගන්න වෙනවා...!

:       20       30

Nimesh Saturday, 09 September 2023 12:57 PM

ලැජ්ජාවක් නැති පිනා, මිනිහව බලයෙන් එලවන්න කරපු සැලැස්මක ඇත්ත නැත්ත හොයන්නත් පොහොට්ටුවේ එකෙකුටම බාරදීලා ...

:       22       22

kavidhu Saturday, 09 September 2023 02:06 PM

විකට නළුවන්ගෙන් තවත් විකට වැඩක්...

:       18       22

Yogananda D.N. Saturday, 09 September 2023 03:35 PM

එකමත් එක රටක එකමත් එක කාලයක එකමත් එක චිත්‍රපටියක් සම්බන්ධව පරීක්ෂකයක් අලලා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න තවත් එකමක් එක අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කළා...

:       10       11

Shyam Saturday, 09 September 2023 05:38 PM

බොරු වැඩ නොකර යන්න...

:       7       9

Kule Saturday, 09 September 2023 07:09 PM

අර මුස්ලිම් පල්ලිවල කඩු සියගණන් හන්ගන් හිටියේ මොකද කියලා අහන්න. චැනල් 4 කාරයාටත් ඒක අහන්නක අමතක වෙලා... පවු...

:       4       39

Lalla Saturday, 09 September 2023 07:36 PM

අර ගෝඨාභය... එයාලාට විරුද්ධව නඩු අවසන් කරන්න පත්කරපු කමිටු සාමාජික රොත්ත දාන්න. වැඩේ ෂුවර්...!

:       10       12

Perera Sunday, 10 September 2023 03:16 AM

ඔය කමිටු වාර්තාවත් ඔය සම්බන්ධව මීට කලිනුත් පත් කරපු කමිටු වාර්තා තුන වගේම හීනියට රෝල් කරලා උඩ වාඩිවෙන්න

:       0       0

Bamunuarachchi Sunday, 10 September 2023 10:51 AM

ලොක්කා ඔහේගේ අත් වලත් පාස්කු ලේ තිබෙනවා. අත් පිරිසුදු කරගෙන වැඩේට අත ගහන්න. අත් පිරිසිදු කරගන්න පුලුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 11 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 718 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 643 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 852 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 509 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 418 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26031 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 289 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 414 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site