(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයේදී ක්‍රිකට් නීති කඩ කිරීමේ චෝදනාවට වරදකරු වූ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට තරග මුදලින් සියයට 40 ක දඩයක් පැනවීමට සහ දඩුවම් ලකුණු 2 ක් එකතු කිරීමට තරග තරග තීරකවරයා නිර්දේශ කර තිබේ.
චාමික විනය කඩකිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් මේ වන විටත් වසරක අත්හිටුවූ තහනමක් ද ගතකරමින් සිටියි.
‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල නියෝජනය කරන චාමික, ජැෆ්නා කිංග්ස් පිලට එරහෙිව තරගයේදී හතරේ සීමා අසළ පන්දු රකිමින් සිටියදී ඒ අසළ පැමිණි ප්‍රේක්‍ෂකයන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයක් ගත්තේ යැයි කියන සිද්ධියක් මෙම දඩුවමට හේතු වී තිබේ.
මෙහිදී කැන්ඩි පිලේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් චාමික පන්දු 16 කින් නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චාමික කරුණාරත්නට දඩයක්: දඩුවම් ලකුණු 2 ක් එකතු වෙයි
Siira Sunday, 11 December 2022 04:27 PM
පුදුම නීති තමයි මේවා...
Lalla Sunday, 11 December 2022 07:26 PM
ඕක ජාතකේ ප්‍රශ්නයක්. මොනව කියන්නද මන්දා.... පන්නලා දාන්න...!
sam Sunday, 11 December 2022 11:36 PM
කරන්නෙම එපා කියන ඒවමයි. පෙර වුණු සිද්ධියට අපි මෙයාට අනුකම්පාකර මෙයාගේ පැත්ත ගත්තා. බලාගෙන යනකොට මෙයාගේ මොලේ කොලොප්පම්.. විනයක් නැහැ...
සමින්ද Monday, 12 December 2022 08:29 PM
පුදුම රටක් මේක, මේ වගේ දේකට මෙහෙම දඬුවම් දෙනවා නම්, අර 225 න් සම හරක් අර උත්තරීතරයි කියන තැන කරන කියන ඒවාට දෙන්න ඕන නරකාදියේ දඬුවම්... වැඩිපුරම මට හිනායන්නේ අර කෝප් කමිටුවේ දී මේ හොර හැත්ත අර නිලධාරීන් ප්‍රශ්න කරන විදිහ, දුෂිත නිලධාරින් ප්‍රශ්නකළ යුතුයි. නමුත් මේ 225 ඉන්න අය ඒක කරනවා කියන්නේ... පිස්සු හැදෙනවා, මොකද ඔවුන් හොරකම් කරන්න විදි හදන ඈයෝ.. අකැමැතිම වැඩක් ලෝක හොරු විසින් අනිත් අයව ප්‍රශ්න කිරීම, සහ ඇමැති අණින් වැරද්දක් නිලධාරීන් සිදුකර තිබේ නම් ඔවුන් පක්ෂ විපක්ෂ බේද නැතිව ඇමැතියාව සුදනා කරලා ඒ නිලධාරීන් ව අමාරුවේ දානවා...
RANDIL Wednesday, 14 December 2022 09:55 AM
කවදාවත් කොයිතරම් දඩ ගැහුවත් හැදෙන උන් නෙමේ. උන් සෙල්ලම් කරන්නේ සල්ලි වලට විතරයි.