(නාමිණි විජේදාස)
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හාබර් ඉංජිනේරු සමාගම එල්ල කරන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කිලෝමීටර් 35 ක දුරින් යුත් 2011 වසරේදී ආරම්භ කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 7.91 ක හිඟ මුදල ගෙවා අවසන් කරන ලෙස චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට එන්තරවාසියක් ඒවා තිබූ අතර එම හිඟ මුදල ගෙවා අවසන් කිරීම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට පසුගිය 31 වැනිදා දක්වා කාලය ලබාදී තිබිණ.
කෙසේ වෙතත්, මෙම මස මුලදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (නීති) චයිනා හාබර් ඉංජිනේරු සමාගමට ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා කිසිඳු හිඟ මුදලක් චයිනා හාබර් ඉංජිනේරු සමාගමට ගෙවීමට නොමැති බවයි.
මතුව ඇති මෙම අර්බුදකාරී තත්වය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරනු ඇති බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
sumithra wijesekara Sunday, 20 April 2025 11:35 PM
කෙසේ හෝ මාර්ග සංවර්ධනය රටට ගැලපෙන ආයුරින් ඉදිවිය යුතුය!
PGPThilak Monday, 21 April 2025 07:37 AM
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මහජනයාගේ පැත්ත ගත්තා නම් ඒක මහ පුදුම හතෙන් එකක්!! ඕකේ උන් කොන්ත්‍රාත්කාරයන්ට අඬ ගහලා මහජන මුදල් මංකොල්ල කන පට්ට හොරු!රට බංකොලොත් වෙන්න මාර්ග සංවර්ධන අධිකාරියත් දායක වෙලා කෙරුවාව දිගටම කරනවා! මෝඩ ආණ්ඩු උන්ව හුරතල් කරනවා!!
Ruwan Monday, 21 April 2025 09:08 AM
නියමයි. පච කියලා සල්ලි නොගෙව ඉන්නද හදන්නේ. චීනත් තරහ කර ගත්ත නම් හොම්බෙන් නෙමෙයි ලංකාවට යන්න වෙන්නේ. උඹලගේ මෝඩ වැඩ නිසා රටේම මිනිස්සු තමයි දුක් විඳින්නේ.