(අංජුල මහික වීරරත්න)
චාමර සම්පත් මහ ඇමති සමයේ පළාත් සභා ගිණුම් බැංකු වලින් ඉවත් කර ගත්තේ ආණ්ඩුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛයකට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.
පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට නියෝග කරමින් එවකට මෛත්‍රිපාල සිරිසේන ජනපති සහ අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි තමාගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා අදාල චක්‍රලේඛනය නිකුත් කළ බවද හිටපු ජනාධිපතිවරයා කීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා.අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා.පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා.රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා.නැතිනම් මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා.ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම් වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා.ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා.එය කරන්නට නොහැකි ඇයි දැයි දැනුම් දුන්නා.ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා.
ඌව පළාතේ පමණක් නොව සෙසු පළාත් වලද මේ කටයුතු සිදු කෙරුණා.එමෙන්ම චාමර සම්පත් ඇමතිවරයා මට විටින් විට කතා කරනවා.අධ්‍යාපන ආදී වැඩ කටයුතුවලට මා උදව් කළා.නමුත් අප එකල සිටියේ දෙපැත්තක.චාමර සම්පත් මහ ඇමති ලෙස සිටියදී සමන්ත විද්‍යා රත්න වත්මන් ඇමතිවරයා පැමිණිල්ලක් කළා.මෙය මගේ වැඩකටයුත්තක් නොවන බවත් එය අල්ලස් කොමිසම සමග සාකච්ඡා කරන ලෙසත් මා එම කණ්ඩායම් වලට කිව්වා.මහ ඇමතිවරුන්ට පක්ෂ හෝ විරුද්ධ වැඩ කටයුතු වලට මට පැටලෙන්නට බැරි බවත් මා කිව්වා.
කොමිසමෙන් මේ පිළිබඳව විභාග කර තිබෙනවා.ඒ එක විභාගයකින්වත් එතුමා වැරදිකරු ලෙස ඔප්පු වී නැහැ.එතුමා සැකකරුවෙක් ලෙස වත් ප්‍රකාශයට පත් කර නැහැ.
මේ විභාග කරගෙන යන්නේ ඒ කාරණා උඩයි.අලුත් චෝදනා හෝ අලුත් සිද්ධි ගැන නොවේ.අනෙක් කාරණය වන්නේ චාමර සම්පත් කට උත්තරය ලබාදෙන විටම ඔහු අත්අඩංගුවට ගත් බවට නිවේදන නිකුත් කෙරෙනවා. එවැනි දෙයක් කියන්නේ කොහොමද?
චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු ප්‍රබලව විපක්ෂයේ හඬ නගනවා.මේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ එතුමාගේ මැදිහත්වීමට සම්බන්ධ දැයි විශාල ප්‍රශ්නයක් තිබෙනවා.මා සිතන්නේ එතුමා මේ ගැන පාර්ලිමේන්තුවෙන්ද විභාගයක් ඉල්ලා සිටිය යුතුයි.එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක්දැයි සොයා බැලිය යුතුයි.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
චාමර බැංකුවලින් ගිණුම් ඉවත් කළේ ආණ්ඩුවේ චක්‍රලේඛයකට අනුවයි
ප්‍රියන්ත Thursday, 10 April 2025 02:01 PM
දීකිරට බලල්ලුත් සාක්කියිලු..!
පොඩිඑකා Thursday, 10 April 2025 02:04 PM
එතකොට මහ බැංකුවට කෙලියෙත්, ජනාධිපති අරමුදලට කෙලියෙත්, අරගල ගිණි වන්දි පිල්ලි ගැහුවෙත්, ඒ විදියටමද?
Sunaa Thursday, 10 April 2025 02:08 PM
ඔයාගේ කටේ සද්දේ නම් තාම අඩුවෙලා නෑ නේද? ඔහොම ඉන්න බෙල්ලට තොණ්ඩුව වැටෙන කන්...
කව්ද බෝයි Thursday, 10 April 2025 02:12 PM
මාධ්‍ය සංදර්ශන දාන්නෙ නැතිව, චාමරව අත්අඩංගුවට ගත්තු පළමුවෙනි දවසෙම උසාවියට ගිහින්, මෝසමක් මගින් ඉදිරිපත්වෙලා ඔය කතන්දරේ සාක්ෂිත් එක්ක නඩුකාර හාමුදුරුවන්ට කිව්වනං අහවරයිනේ?
පිටරටවැසියා Thursday, 10 April 2025 02:14 PM
එතකොට අර බටලන්දත් ක්‍රියාත්මක වුණේ ඔයාගෙ අනුදැනුම ඇතිවද? එකත් ඔය කටින්ම කියන්නකෝ?
මාබංකුසිංහ Thursday, 10 April 2025 02:31 PM
මම තරුණ කටයුතු කරන කාලේ ඕවා වුණා නම් කෙලින්ම ලන්දට තමයි.
කෞෂි Thursday, 10 April 2025 02:33 PM
බෙල්ලටම තද වෙනකොට ඉතින් එක එක ඒවා කියයි. කරන කලට පව් ෂෝයි තමයි...
NImal 1 Thursday, 10 April 2025 02:42 PM
එක හොරෙක් තව කෙනෙක්ව ආරක්ෂා කරනවා. මේ මුදල් වෙන බැංකුවක තැන්පත් කළේ නැද්ද? අනෙක, මුලින්ම තැන්පත් කළේ වරදක් බන නොදැනද?
idr tharanga Thursday, 10 April 2025 03:01 PM
අපි බැලුවා මොකෝ මහදැනමුත්තා කට ඇරියේ නැත්තෙ මොකද කියල. ලොකු වංචාවක් වෙලා තියෙනනවා නම් අනිවා පොර ඒකට සපෝට් කරල තියෙනවා. ඊට පස්සෙ ඒක සාධාරණ කරනවා. ඊට පස්සෙ උන්ව බේරගන්න ට්‍රයි කරනවා. මේ වගේ ඩයල් මේ ලෝකෙන් තොලොංවි වෙලා යන්නනෙෑනේ
රුවන් Thursday, 10 April 2025 03:21 PM
මොනවා වුණත් රනිල් හොඳ යාලුවෙක් වටේ චාමර ගේ මොකද පොඩි හොරෙක් බේරාගන්න ඉදිරිපත් වෙන ලොකු හොරු ගැන ඇහුව්වාමයි...
Kamal Koyrala Thursday, 10 April 2025 04:31 PM
මොහුව උසාවියට සාක්ෂි කරුවෙක් වශයෙන් කැඳවිය යුතුයි.
සිල්වා Thursday, 10 April 2025 04:34 PM
දේශපාලන වේදිකාවල දෙන්නේ නඩුතීන්දු නොවෙයි. උසාවිය විභාග කරලයි තීන්දුව ප්‍රකාශයට පත්කරන්නේ. අපි ඉවසා සිටිමු...