IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීතිවල යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන 19 වැනිදා හෝ ඊට පෙර ලබාදෙන්නැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17වැනිදා රැස් විය.

මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා තීරණය කර ඇත්තේ එම රැස්වීමේදී ය.

මහජන අදහස් හා යෝජනා ලිඛිතව හෝ sec.pscelectionreforms2021@ parliament .lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ හෝ ලබා දෙන ලෙස එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුශානි රෝහණදීර මහත්මිය ඉල්ලීමක් කරන්නීය .

ලිඛිත යෝජනා හා අදහස් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට එවිය යුතු බව එම කාරක සභාව පවසයි.

යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් ඒ සඳහා යථා කාලයේ දී එම සභාව හමුවට කැඳවන බව රෝහණදීර මහත්මිය පැවසුවාය.

 



අදහස් (4)

ඡන්ද නීති වෙනස් කරන්න යෝජනා ඉල්ලයි

sharm warn Thursday, 20 May 2021 09:43 AM

මනාප ක්‍රමයත්, පළාත් සභා ක්‍රමයත් අහෝසි කරන්න.

:       0       1

සිරිබිරිස් Thursday, 20 May 2021 10:25 AM

ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව විතරයි තියෙන්න ඕනෑ.

:       0       2

සුධම්ම හිමි කුරුණෑගල Thursday, 20 May 2021 09:02 PM

අපි ජනතාව මොන යෝජනා එව්වත් දේශපාලුවෝ සම්මත කරගන්නේ උන්ට අවශ්‍ය විදියටයි.

:       0       2

සිරිබිරිස් Saturday, 22 May 2021 01:48 AM

මත්කුඩු, මත්පැන් සම්බාහන මධ්‍යස්ථාන වැනි ව්‍යාපාර කරන කිසිවෙකුට ඡන්දය ඉල්ලීමට නොහැකිවන සේ කටයුතු සලසන්න. ඒ වාගේම රටේ සම්පත්වලට හානිකරන, හානිකළ කිසිවෙකුටත් දේශපාලනය කිරීම තහනම් කරන්න. එමෙන්ම ජාතික ධනය යොදාකරන ඉදිකිරීම් කිසිවකට තමාගේ හෝ තමන්ගේ හෝ තමතමාගේ පියාගේ මවගේ ආතා මුත්තාගේ නම් යෙදූ අයටද දේශපාලනය කිරීම තහනම් කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 5 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 426 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 338 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 1175 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 1105 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 479 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 61 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 444 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1392 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site