IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ඡන්ද නීති හදන මැතිසබා කමිටුවට පක්ෂ 21 කින් යෝජනා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී ඇතැයි එම කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පැවැසුවාය .

මෙයට අමතරව  මහජනතාව සහ සිවිල් සංවිධාන වෙතින්ද  යෝජනා හා අදහස් 155ක් ඉදිරිපත්ව  ඇති බව ඇය සඳහන් කළාය .

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින්  අවසන් විය.

ඒ අනුව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (උඩු නුවර ශාඛාව) ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලිබරල් පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනතා පෙරමුණ, සමස්ත ලංකා දමිල සභාව, එක්සත් සාම පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, දමිල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමාජවාදී සංධානය, සිංහලදීප ජාතික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, සමත්තුව කච්චි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂ එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත්ව ඇති සියලු යෝජනා ඉදිරියේදී පැවැත්වෙන  එම විශේෂ කාරක සභා රැස්වීම්වලදී අවධානයට යොමු  කිරීමට නියමිතය.

මේ අතර  විශේෂ කාරක සභාව හමුවේ ඉකුත් 14 වෙනිදා පෙනී සිටි මෙරට ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක්වන පැෆරල් සංවිධානයේ  නියෝජිතයෝ එම සංවිධානයේ යෝජනා
කමිටුවට ඉදිරිපත් කළහ .

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  පාර්ලිමේන්තුවේදී ලබන 28 වැනිදා යළි රැස්වීමට නියමිතය . 



අදහස් (1)

ඡන්ද නීති හදන මැතිසබා කමිටුවට පක්ෂ 21 කින් යෝජනා

Sri Lanka Sunday, 18 July 2021 05:17 PM

පක්ෂවලින් කොහොමත් තමන්ගේ ගොඩ වැඩිකරගන්න මිසක් රට හැදෙන්න යෝජනා දෙන්නේ නෑ. ජනතාවගෙන් අදහස් ගන්න.. ජයවේවා..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 0 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 131 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 676 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 359 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1651 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site