(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත හෙයින් ඡන්ද පෙට්ටි මෙසේ සූදානම් කරන බවද ඔහු කීවේය.
ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු තිබේ නම් ඒවාද නොපමාව නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
ඡන්ද සඳහා භාවිතා කෙරුණු අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පවසයි.
මේ අතර මැතිවරණය ඉලක්ක කර නිලධාරී සංගණනයක්ද ළඟදීම පැවැත්වීමට කටයුතු කරන බව පැවසූ රත්නායක මහතා දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගද ලබන සතියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය. මූලිකව දේශපාලන පක්ෂවල මැතිවරණ වියදම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද ඔහු පැවසුවේය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයක පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඡන්ද පෙට්ටි ’’පොලිෂ්’’ කරයි
Kazi Shajahan Monday, 17 June 2024 11:11 AM
ගිය සැරේ වගේ මාධ්‍ය සංදර්ශනයක් ද මේකත් අපි නොදන්න කොමිසම රනිල් ඕනම දෙයක් කිව්වොත් ඔව් සර් , ඕකේ සර් චාර්ල්ස් නොනා අපිට කෙලියා නේ ගිය ඡන්දේ දී