
පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපයක් ගෙන ඇති බැවින්, ප්‍රතිඵල නිකුත් කිරීමට දින කීපයක් ගතවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසා තිබේ.
2022 වසරේ, දෝෂාභියෝගයකින් ධුරයෙන් නෙපරා දැමූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙන්ම ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් දේශපාලන පක්ෂය ද දැඩි මර්දනයට ලක් වී ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී කැපී පෙනෙන ප්‍රධාන පක්ෂ බවට පත් වූයේ පාකිස්තාන මුස්ලිම් ලීගය එන් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි.
පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන්නේ, යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂා කරන, හිටපු අග්‍රාමාත්‍ය 74 හැවිරිදි නවාස් ෂරීෆ්ය. 2008 වසරෙන් පසු ජනවරමක් හිමිකර ගැනීමට අපොහොසත් වූ පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝය.
දේශපාලන පරිනතභාවයක් නොමැති බැවින්, නවාස් ෂරිෆ්ට අභියෝග කිරීමට බිලාවල් බූතෝ ට නොහැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසය. පාකිස්තාන හමුදාව එරට දේශපාලනය හා බැඳී පවතින අතර, හමුදාවේ වැඩි මනාපය හිමිවී ඇත්තේ ද නවාස් ෂරීෆ්ට බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි