IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි

(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය  ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.

ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව  වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට  විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත්  සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අාරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ  පොලිස්  විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද  යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය.

මේ අතර ඡන්ද පෙට්ටි  ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන  බව පොලිස් මූලස්ථානය පවසයි.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්  54,000 ක් පමණ යෙදවීමට නියමිතය.



අදහස් (9)

ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි

පුරවැසියා Monday, 16 September 2024 06:41 PM

බොහොම හොඳ තීරණයක් ඒ වගේම 22 හවස ගෙදර යන්න කොට්ට පැදුරු එහෙම අකුලගෙන ඉන්න මහත්තයා

:       77       66

යුක්තිය වගේමයිMonday, 16 September 2024 07:12 PM

අපේ හොරු, කුඩ්ඩෝ, ඡන්ද නීති කඩන අය අවංක චේතනාවෙන් ඒවා කරන්නේ. අනික් අයගෙ චේතනා දුෂ්ඨයි. වෙඩි තමයි ඉතින්.

:       0       0

නාමල් Monday, 16 September 2024 07:25 PM

තමුන් නියෝග දෙන්නෙ කොහොමද ? ඒ නියෝග දෙන්නෙ මැතිවරණ කොමිෂන් එකෙන්. තමුන් කොට්ට පැදුරු අකුලගෙන ගෙවල්වලට යන්න ලැහැස්ති වෙනවා.

:       0       1

පිටිගල මිලානෝ Monday, 16 September 2024 07:43 PM

මොන වෙඩිද හලෝ, ඔයා ඡන්දෙ වෙලාවේ කටුනායක එයාපෝට් පැත්තට මාරුවෙයි පැදුරටත් නොකියා.

:       0       3

chandima Monday, 16 September 2024 07:51 PM

ත්‍රිවිධ හමුදාව, පොලිසියේ සේරම එතනට යවපුවාම පැනලා යද්දී ආරක්ෂාව සපයන්නේ කවුද?

:       0       3

Oscar Monday, 16 September 2024 08:53 PM

ඒ ඵක්කම ජම්පර් ඵකට මෙෂමන්ට් ඵකයි බෙහෙත් පොත සහ කන්න ආසාකරන කෑම ලිස්ට් ඵකත් සූදානම් කරගන්න.

:       0       3

විජිත් Tuesday, 17 September 2024 05:21 AM

උද්දච්ච, මොලේ අමාරුකාර සුදු කොන්ඩයෝ , චන්දයක් ප්‍රකාශයට පත්කළ පසු චන්දයට සම්බන්ධ සියලුම අංශවලට නියෝග නිකුත් කිරීමේ බලධාරියා මැතිවරණ කොමසාරිස්වරයායි. එතුමයි නියෝග කරන්න ඕනා ආරක්ෂක අංශ වලට, චන්ද මධ්‍යස්ථානවල ගැටුම් ඇතිකරන මැරයන්ට විරුද්ධව බලය පාවිච්චි කරන්නේ කෙසේද කියා. එහෙම නැතුව තමුසේ නොවෙයි. තව දවස් කීයද ? 22 වෙනිදා දිව්රුම්දීමෙන් පසු අලුත් ජනාධිපතිතුමා තාවකාලික අගමැතිවරයෙක් හෝ අගමැතිවරියක් පත්කරනවා.ඊට කලින් දැන් ඉන්න බොරලුගොඩ බලු කුක්කාව එළවලා දානවා. ඇමතිවරු 3 දෙනෙක් සහ ජනාධිපති අතරේ අමාත්‍යංශ 25 බෙදී යනවා.ඒ අය අතරේ ඉන්නවා ආරක්ෂක ඇමති. ඉතින් ඊට පස්සේ ? සුදු කොන්ඩයා ගෙදර තාවකාලිකව. ඊට පස්සේ ප්‍රභාට කප්පම් ගෙනිච්ච නඩුව එහෙම එලියට එනවා ඒ නඩුවෙන් තමුසේ අවුරුදු 10 කටවත් හිරේ !!!

:       1       14

Perera Tuesday, 17 September 2024 06:56 AM

කලබල කලොත් කරන්නේ පරාජයපෙනි පෙනි වියරු වැටිලා ඉන්න එවුන්

:       0       13

රංජිත් Tuesday, 17 September 2024 10:25 AM

මේ අවස්ථාවේ (මැතිවරණයක් ප්‍රකාශයට පත්කල විට ) සියලු බලතල මැතිවරණ කොමිසම සතුය. එකඑකාට ඔනෙ විදිහට වෙඩිතියන්න කියන්න බෑ

:       1       15

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4617 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 8 0


අනුරාධපුරම අනුරට
2024 සැප්තැම්බර් මස 22 28 0


වැලිමඩ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 84 0


පස්සර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 60 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14914 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 245 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site