IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි

(සුජිත් හේවාජුලිගේ)

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන්   තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන්  නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

කොමිසමට ලැබුණු  පැමිණිලි අනුව,  දේශපාලන මැදිහත්වීමෙන්  ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම්  සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන්  කිහිපයක් මෙසේ නතර කෙරුණු බවද  ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතීම  සහ  ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම  යන කරුණු සැලකිල්ලට ගෙන   කොමිෂන් සභාව මෙම පියවර ගෙන  ඇත.

නිදහස් මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවසූ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මකවීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් තබන බවද ප්‍රකාශ කළේය.
මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන්  සභාවට  දැන් දැන්  පැමිණිලි  ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා   විමර්ශන කොමිෂන් සභාවද මේ දිනවල  විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (3)

ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි

Nanda Thursday, 25 July 2024 08:39 AM

හොඳයි

:       2       13

de silva Thursday, 25 July 2024 11:31 AM

තවම මැතිවරණයට දින නියමකරලා නැතුව කොහොමද කියන්නේ උත්සව තියන්න එපා කියලා ?

:       2       5

upul Thursday, 25 July 2024 05:43 PM

මේ මොන කොමිසමයමක්ද ? අනුන් කරන රෙද්දවල් ගැන හොයන්න කලින්, තමන්ගෙ ජොබ් එක කළොත් තමයි හොඳ.... ඡන්දෙ ප්‍රකාශ කරනවා හලෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 655 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 672 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 599 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6685 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2105 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 17 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34192 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23980 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 153 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 479 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site