(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභිනව ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (19) පැවසීය.
මේ අතර ජනාධිපති තොරාගන්නා ජන්ද විමසිමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ජන්දය ජායාරූප ගත කළහොත් ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක අසුන් ගැනිම වසර 7කට අහිමි කිරීමට හෝ මාස හයක සිර දඬුවමකට යටත් කිරීමකට හෝ නීතිමය ප්‍රතිපාදන පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ .
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා හෙට (20) පැවැත්වෙන ඡන්ද විමසීම සියලු නීති රීති වලට අනුගත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බවද කතානායකවරයා පැවසුවේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අදාළ නෛතික රාමුව තුළ සාර්ථකව පැවැත්වීමට සියලු පාර්ශවයන් මෙතෙක් දැක්වූ සහය අගය කරන බව ද කතානායකවරයා පැවසීය.
අද දින පැවැත්වෙන රහස් ඡන්ද විමසීමේ තේරීම්බාර නිලධාරියා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත අනුව අවශ්‍ය සියලු මාර්ගෝපදේශයන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුව යළි ලබන 27 වැනිදා රැස්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (20) තීරණය විය.
මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය එදින අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඡන්දය ෆොටෝ කළොත් වැඩ වරදී
Bamunuarachchi Tuesday, 19 July 2022 04:55 PM
බයවෙන්න එපා ජනාධිපති සමාව දෙවි .
Dil Perera Tuesday, 19 July 2022 06:46 PM
සජියා දන්නවා සජබයේ අය එයාට ඡන්දය දෙන්නේ නැති බව... ඔන්න ඇත්ත...!
Rata Perata Tuesday, 19 July 2022 07:00 PM
රනිල් රාජපක්ෂගේ තවත් සෙල්ලමක් වගේ...