(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම හෙට (17) දිනට යෙදී ඇත.
වර්ෂ 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ සේදවත්ත වලව්වේදි උපත ලද ජයවර්ධන මහතා හිටපු විනිසුරුවකු වූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධන මහතාගේ සහ හෙලේනා ඇග්නස් විජයවර්ධන යුවළගේ දරුවන් එකොළොස් දෙනා අතර වැඩිමහල් දරුවා ලෙස උපත ලබා ලැබීය. නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥයකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිස ඇත.
1943 දී පැවති කැලණිය අතුරු මැතිවරණයට ඉදිරිපත්ව ජය ලබා රාජ්‍ය මන්ත්‍රීවරයකු බවට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන සමයේ පක්ෂයේ සම භාණ්ඩාගාරික ධූරයට පත්ව ඇත. 1947 මහ මැතිවරණයේදී කැලණිය මහජන මන්ත්‍රීවරයා වශයෙන් පත්ව එම වසරේ පිහිටුවූ නව රජයේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, 1947 සිට 1954 දක්වා වසර 07ක් ලංකාවේ මුදල් ඇමැති පදවිය හෙබවීය.
1970 මහ මැතිවරණයෙන් දිනා දකුණු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත්, ජාතික රාජ්‍ය සභාවේත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළේය. 1973 වසරේ එජාප නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූයේ ද ජේ. ආර්. ජයවර්ධන මහතාය.
1977 මහ මැතිවරණය ජයගෙන ලංකාවේ 7 වෙනි අගමැතිවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රමය යටතේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් විය. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ ක්‍රමය, නිදහස් වෙළෙද කලාපය, කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, සංස්කෘතික ත්‍රිකෝණය, රැකියා බැංකු ක්‍රමය, වගා නිලධාරීන් පත් කිරීම, දිළිදු සහන වැඩපිළිවෙළ, ශ්‍රී ජයවර්ධනපුරය ලංකාවේ පාලන අගනගරය කිරීම, නව පාර්ලිමේන්තු මන්දිරය පිහිටුවීම, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂියා ආදී සලකුණු රටට හඳුන්වාදීම මෙතුමාගේ පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජයවර්ධන චින්තනයේ ප්‍රතිඵලය ලෙස සටහන් වෙි.
1988 වසරේදී දේශපාලනයෙන් සමුගත් ජයවර්ධන මහතා මීට වසර 26 කට පෙර 1996 නොවැම්බර් පළමු දින දිවංගත විය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජේ.ආර් 116 වන ජන්ම සමරුව හෙට
Jagath Friday, 16 September 2022 06:58 PM
රට කාලා විනාශ කරන්න අඩිතාලම දාපු කෙනා. මෙයාගේ ව්‍යවස්ථාව නිසා රටේ මිනිස්සු අදටත් දුක් විඳිනවා...
chandima Friday, 16 September 2022 10:07 PM
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ, පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ උපන්දින කාටවත් මතක නැහැ. ඒත් මේ වැව් අමුණුවලින් ලැබෙන ජලයෙන් තමයි තවමත් දන ධාන්‍ය ලබාගන්නේ..