(මනෝප්‍රිය ගුණසේකර)
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා නොකරන ලෙස ද දැනුම් දුන්නේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා එලේස නියම කළේය.
මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය අමතමින් ලබන 26 වැනි දා නිලවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇද්දැයි තම සේවාදායකයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළ විට එදින නිලවරණය පැවැත්වීමට නුසුදුසු බව ඔහු දැනුම් දීම නිසා එදින නිලවරණය නොපැවැත්වෙන බව දැනුම් දුන්නේය
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .
ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජී.එම්.ඕ.ඒ. නිලවරණය 26 නෑ
Praba Monday, 21 June 2021 09:55 PM
රනිල්ට වඩා කාලයක් ඔය සභාපතිතුමා ලොකු පුටුව බදාගෙන හිටියා මගෙ හිතේ. එජාපය එකට වෙච්චි දේම තමා GMOA එකටත් වුනේ...
siripala Monday, 21 June 2021 10:23 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අහෝසි කළ යුතු වෙයි...
SankaTuesday, 22 June 2021 07:24 AM
ඔයාගේ කතාව සහතික ඇත්ත. GMOA එක කොරෝනා සම්බන්ධයෙන් කාලෙකට රජයට බනිනවා. ආයේ වාසිවෙනකොට හොඳ කියනවා. අපි පෙරේදා දැක්කා කොරෝනා කමිටුවේදී ඔය සභාපතිතුමා මාෆියාවක් ගැන කියලා මුළු කමිටුවම හෑල්ලුවට ලක් කළා. පණ්ඩිතකම වැඩි වුණාම උගත්කමත් බල්ලාට යනවානේ. අපිට මතකයි මේ ගොල්ලෝ ඉස්සර වෘත්තිය ක්‍රියාමාර්ග කියලා අසරණ ලෙඩ්ඩු බිල්ලට දීලා රටේ කරපු විනාසේ...
ලුම්බිණි Tuesday, 22 June 2021 05:45 AM
මේක ආත්මාර්ථකාමී අවස්ථාවාදී සංගමයක්...