ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට ගැටලු කිසිවක් නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය.
වයසත් සමඟ බයිඩන් මුහුණ දෙන ශාරීරික දුර්වලතාවලට ඔහු නොකඩවා ඖෂධ ලබා ගන්නා බව ද වෛද්‍ය පරීක්ෂණයේ දී අවධානයට ලක් විය. වොෂින්ටන් වෝල්ටර් රීඞ් වෛද්‍ය මධ්‍යස්ථානයේදී, වෛද්‍ය පරීක්ෂණය සිදු කළේ ධවල මන්දිර වෛද්‍යවරයාගේ මැදිහත් වීමෙනි.
අවුරුදු 81 ක් වුවත්, තමන් තරුණයකු මෙන් නිරෝගීව සිටිනවා යැයි වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කරමින් වෝල්ටර් රීඞ් දෛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් තමන්ට විහිළු කළ බව ද බයිඩන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
වාර්ෂිකව ඇමෙරිකන් ජනාධිපතිවරයා කායික සහ මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම ඇමෙරිකාවේ සම්ප්‍රදායයි. බයිඩන්, එලැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ දෙවැනි ධුර කාලය වෙනුවෙනි.
ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම ජනාධිපතිවරයා වන්නේ ද බයිඩන්ය. බයිඩන්ට අභියෝගයක් වනු ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක 77 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප්ය.
(ඒ.එෆ්.පී.)
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන
මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී
මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජෝ බයිඩන් මෙඩිකල් පාස්