IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ජී-මේල් සේවාවේ තදබල බිඳවැටීමක්

 

මේ වන විට ලෝකයේ බහුලවම භාවිතා කෙරෙන  විද්‍යුත්  ලිපි සේවාව වන ‘ජී-මේල්‘ භාවිතා කරන්නන්ට තමන්ගේ විද්‍යුත්  ලිපි යැවීමට මෙන්ම විද්‍යුත්  ලිපියකට ගොණුවක් ඇමිණීමට නොහැකි වී තිබේ. අද උදෑසන සිටම පැවැති මේ සම්බන්ධයෙන් ගූගල් සමාගමට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින අතර ඇතැම් කලාපයන්හිදී ලිපිගොණු හෝ ඡායාරූප ඇමිණීමට හෝ බාගත කිරීම ද කළ නොහැකි වී තිබේ. 

ඉංජිනේරු කණ්ඩායම් මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත්, හැකි ඉක්මණින් තත්ත්වය හඳුනාගෙන දෝෂ නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බවත් ගූගල් සමාගම දැනුම් දී ඇතැයි ඉන්දීය ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ඉන්සයිඩර්‘ සඟරාව කියයි. 

අන්තර්ජාල සේවා බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලන සමාගමක් වන ‘ඩවුන් ඩිටෙක්ටර්“ සමාගමේ නිවේදනයක් අනුව මෙම තත්ත්වය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ලෝකයේ තවත් රටවල් කිහිපයකම ජී-මේල් භාවිතා කරන්නන්ට  බලපා ඇති බවත් වාර්තා වේ. 

 

අද උදෑසන 11.00 වන විට ලෝකය පුරා ජී-මේල් සේවා බිඳවැටී තිබූ ආකාරය. තද රතු පැහැයෙන් දැක්වෙන්නේ වඩාත් දරුණු ලෙස සේවාව බිඳ වැටී තිබුණ කලාප වන අතර ළා තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය හෝ අඩු මට්ටමේ බිඳ වැටීමක් තිබූ කලාපයි

- සිතියම - ඩවුන් ඩිටෙක්ටර් අනුග්‍රහයෙනි

මාස දෙකක කාලයක් ඇතුළත ජී-මේල් සේවාවේ දෙවැනි බිඳ වැටීම මෙයයි. පසුගිය ජූලි මාසයේදී තම තමන්ගේ ජී-මේල් ලිපින වලට ඇතුළත් වීමේදී බාධා පැමිණුන බව පරිශීලකයෝ පැමිණිලි කළහ. ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ගූගල් සමාගම ප්‍රශ්නය නිරාකරණය කළ නමුත් ඊට පසුබිම් වූ හේතුව හෙළිදරව් නොකළේය. 



අදහස් (0)

ජී-මේල් සේවාවේ තදබල බිඳවැටීමක්

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 30 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 69 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 112 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 38 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 154 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1240 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1927 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site