IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි

(ආරියරත්න රණබාහු)

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි  අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  මතුගමදී අද (4) පැවසුවාය

ඇය ඒ බව ප්‍රකාශ කළේරට හදන අපි එකට   තේමාව යටතේ මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන්  ගේ ජය තහවුරු කිරීම සඳහා පැවති ප්‍රචාරක රැළිය අමතමිනි.

අගමැතිනිය එහිදී මෙසේද කීවාය

අපගේ මීළඟ අමාත්‍ය මණ්ඩලය 25කට යෝජනා කර තිබෙනවා.ඒ ගැන අපට සැලැස්මක් තිබෙනවා. ඒ ඇමතිවරු පත් කරන්නේතමන්ගේ රාජධානි හදාගන්න හෝ  ඥාතීන්ට යාලුවන්ට රස්සා දෙන්න නෙමෙයි. නැතිනම් අමාත්‍යවරුන්ගේ නිලධාරීන්ට හොරකම් කරන්න නෙවෙයි. මේ රට දියුණු කිරීමට සහ ජනතාවට සේවය කිරීමටයි. ඉස්සර වගේ අමාත්‍යාංශ අතර තරඟයක් නැහැ අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් නෑ ඒ සඳහා සැලැස්මක් තියෙන්න ඕන ඇමතිවරුන්ට තමන්ට හිත හිතෙන දේවල් කරන්න බෑ. එකම අරමුණමේ රටේ ජනතාවගේ ජීවිත ලස්සන ජීවිත  බවට පත්කිරීම යි 



අදහස් (4)

ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි

No Name Tuesday, 05 November 2024 08:17 AM

අනුරගෙ ඡන්දයට මුදලින් ආධාර කළ දෙමළ ඩයස්පෝරාව ගහන පදේට අනුරට නටන්න සිදුවෙලා. අපේ රටේ පළමුවන දෙමළ අගමැති වෙන්නේ අනුරගේ ආණ්ඩුවේ සුමන්තිරන්.

:       18       51

සෙනෙවිරත්න Tuesday, 05 November 2024 02:29 PM

රටේ ජාතිවාදය නොමැතිව පළමුවරට දිනපු ඡන්දෙට මඩ ගහන්න එපා. ඔයාට කැබිනට් එක හදන්න ආපු දාට සුහන්දිරම්ට ඔය කියන ඇමතිකම් දෙන්න. දැනට ගම්මන්පිලට වැඩ කරන්න.

:       1       1

Romesh Tuesday, 05 November 2024 09:50 AM

නියමයි .ස්ටාලින් එහෙමත් ඔය කියන කට්ටියට ඇතුලත්නේ නේද ?ඇයි ලංගම දෙන්නෙත් ඒ වගේ කෙනෙකුටනේ .කොච්චාර හොඳ දේවල්ද අනේ . අපිට ඔයාලා කලින් හම්බවුනේ නැහැනේ

:       6       31

අමල් Tuesday, 05 November 2024 12:43 PM

මහා ඡන්දෙන් පස්සේ කැබිනට් මණ්ඩලය පත්කරලා "කඩවුණු පොරොන්දුව" පෙන්නනකන්, දැන් පෙන්නන්නේ "ත්‍රී ඉඩියට්ස්" !

:       6       9

ඔබේ අදහස් එවන්න

දියත

කලා ඔය නිම්නයේ පෙදෙස් හතරකට අනතුරු හැඟවීම්
2024 නොවැම්බර් මස 27 153 0

නොචියාගම ,රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් කලා ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 48ක කාලයේදී ගංවතුර තත්


වැස්ස
2024 නොවැම්බර් මස 27 6 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 502 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 739 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 133 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 1503 1

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 557 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2133 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site