(තිලකරත්න දිසානායක)
පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 වෙනුවෙන් ජාතික ජනබල වේගය ඇප මුදල් තැන්පත් කිරීම අද (11) සවස දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී සිදු කළේය.
ජාතික ජනබල වේගය ජාතික විධායක සභික සහ කණ්ඩායම් නායක මහින්ද ජයසිංහ මහතා ප්‍රධාන නියෝජිතයන් විසින් ඇප තැන්පත් කිරීම සිදු කිරීමෙන් අනතුරුව මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, රජය පළාත් පාලන මැතිවරණය නොපැවැත්මට කටයුතු කරමින් සිටියද එය අධිකරණයේදී හෝ මහ පාරේදී පරාජය කිරීමට ජාතික ජනබල වේගය සූදානම් බවත් මෙම මැතිවරණයට තරඟ කොට තම කණ්ඩායම ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ම විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන බවත් පැවසීය.
මේ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම කොට්ඨාස සභා පිහිටුවා ගම් මට්ටමින් සංවිධානය කොට ඇති බවත් මැතිවරණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨව ජයග්‍රහණය කරවීම පිනිස බුද්ධිමත් ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාජබ ගම්පහට ඇප බඳියි
Sanath Kandy Wednesday, 11 January 2023 10:02 PM
ජනතාවාදී පාලනයක පළමු වෙඩිමුරය තැබීමට මේ රටේ ජනතාව මෙවර සූදානම්. ජනබලවේගයට ජයවේවා.
sharm warn Thursday, 12 January 2023 09:13 AM
බලමු මෙ පාර වත් ගම්පහ මිනිස්සු සිහි බුඩ්ධියෙන් වැඩ කරයි ද කියල.. කප්පම් කාරයන්ටයි සත පහෙ නිලියන්ටයි උපන්ගෙයි හොරුන්ටයි බලය දීල රට විනාශ කරන්න දායක වෙන්න එපා කියලා අපි ගම්පහ ජනතාවගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා.. ඔබෙ තිරණය නිසා රටම වලට වැටි ඇති බව පිලි ගන්න..
විජිත් Thursday, 12 January 2023 10:44 AM
අරගලයට ජයවේවා , ජාතික ජනබලවේගයට ජය වේවා !!!
Bamunuarachchi Thursday, 12 January 2023 11:12 AM
ගම්පහ අනිවාර්යයයෙන් පොහොට්ටුව තමයි දිනන්නේ.
sharm warnThursday, 12 January 2023 12:43 PM
ඒ කාලේ නම් ගම්පහ හරකුන්ගෙන්ම පිරිච්ච පැත්තක් .බලමු තවමත් ඒ හරක් ගාල පැවත එනවද කියලා