IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

තනි සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස අර්ථ දැක්විය නොහැකි යැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අධිකරණයේ වූ  අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා.පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා.මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා.ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා.ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්.විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා.තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.

මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා යැයි අමාත්‍යවරයා පැවසීය.



අදහස් (14)

ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ

pj Thursday, 20 February 2025 11:25 AM

අපේ රටට දෙවියන්ගේ ම පිහිටයි....

:       1       2

Toni Thursday, 20 February 2025 11:34 AM

හා හා ඔන්න අපි පිළිගත්තා එහෙනම්

:       1       2

මැක්ස් Thursday, 20 February 2025 11:44 AM

දිනපතාම වගේ සිදු කරන මුග්ධ ප්‍රකාශ සහ අමනෝඥ ක්‍රියා කරනකොට ගෙන නොනවත්වා රෙද්දේ වසුරු ගලා යන මාලිමාණ්ඩුවටත්, එහි ඩෝබි මහත්ම මහත්මීන්ටත් අපගේ සාතිශය කණගාටුව පළ කරන අතර මාලිමාවන්ට අනුව "ජාතික ආරක්ෂාව" යනු මහ දවල් මිනී මැරීමත්, උසාවිය තුළදීම මිනිසුන් ඝාතනය වීමත් බව අපි අවබෝධ කර ගනිමු.

:       1       3

බකල ජයා Thursday, 20 February 2025 11:51 AM

"ට්‍රම්ප් තුමා මත්ද්‍රව්‍ය කල්ලි ත්‍රස්තවාදී සංවිධාන කියලා නම් කරපු එකේ නියම ප්‍රයෝජනය මම- ජනතාව බුද්ධිමත් නායකයන් සිටී නම් ලංකාවටද අත්වේවායි එකත් පස්ව සිටී."

:       0       2

Taranga Thursday, 20 February 2025 12:02 PM

මෙයා බොරු උදාන වාක්‍යය කියෙව්වාට , කොන්ත්‍රාත් එක දුන්න එකාම ඔත්තුව දුන්නේ නැත්නම් වෙන්නෙ මොකද බලන්න තිබ්බ

:       1       11

බණ්ඩා Thursday, 20 February 2025 12:11 PM

මෙහෙම දෙයක් වෙලත් නරිවාදමයි සුපුරුදු කයිවාරුවයි අඩු වෙලා නැහැ ..විශේෂ ඝනයේ අපරාධකාරෙයෙක්ට උසාවි කූඩුව ඇතුලට ඇවිත් වෙඩි තියෙන එක ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයි නම් එක පාර සීයක් දෙසීයක් කෙලවෙනකම් වෙන්න ඇති ඉන්නේ ..මෙහෙම ගොබ්බයෝ සෙට් එකකටනේ අපිත් රැවටූනේ..

:       1       15

සෙනෙවිරත්න Thursday, 20 February 2025 12:31 PM

මේ චෝදනා කරන්නේ පතාලේ අයට කිරිපොවපු, ඔවුන්ගෙන් වැඩ ගනිපු අය. ⁣පාතාලේ වැඩෙන්න ඇරලා දැන් කතාකරන්නේ මේ රජය ආවාට පස්සේ පාතාලේ පටන්ගත්තු ගානට...

:       20       6

Suranga Friday, 21 February 2025 04:45 AM

සෙනෙවිරත්න හරියටම හරි 1971,88හා 89 වැඩ කලෙත් මුලින්ම ඔහොමම තමයි

:       0       0

sahan fernando Thursday, 20 February 2025 12:35 PM

පෝය දෙකකින් පාතාලය ඉවර කරනවා කියලා කිව්වේ පෙබරවාරි මාසේ 29 දාට යෙදෙන පෝය දෙකක් කියන එක. නැතිව මේ මාස දෙකක පෝය දෙකක් නොවේ. ඔහෙලා බැංකු අරන් ඇවිත් ඉඳගෙන හිටියා කියලා මේ අසරණ මිනිස්සු මොනවා කරන්නද?

:       2       12

Sediris Thursday, 20 February 2025 01:01 PM

අපෝ නෑ පිස්සුද, එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මෙයා ඊයේ ඇඳ යට හිටියේ බයට නෙමේ, මේ දවස් වල ටිකක් රස්නේ වැඩි නිසා...

:       6       14

Ransri Thursday, 20 February 2025 01:03 PM

ඒ වුණාට ඊයේ ඔයා පේන්නවත් හිටියේ නෑනේ මාමේ. පව් අර නියෝජ්‍ය ඇමැතියාට වාහනේ හොයා ගන්නත් බැරිවුණා. රටෙන්ම කුණු බැනුම් ඇහුවෙත් එයා...

:       2       18

දීපාල් Thursday, 20 February 2025 01:53 PM

කුඩු සහ පාතාලයට ක්ෂණික විසඳුම් අත්‍යාවශ්‍ය කරුණක්... රටට ගේන කුඩු සඳහා දිනකින් දෙකකින් මරණීය දඬුවම් ක්‍රියාත්මක කළා නම් පාතාලය 90%වලින් විතර සුද්ද කරන්න පුළුවන්... ආගම පැත්තකින් තියන්න ඕනේ වැඩේ කරන්න. කොන්ද කෙලින් තියාගන්න ඕනේ වැඩේ කරන්න.

:       0       6

saman Thursday, 20 February 2025 07:04 PM

දෙවන ගවපාලන සමය එළඹී ඇත.

:       1       5

සිංහල නිංජා Friday, 21 February 2025 12:47 AM

දවස ගානේ පාරේ වෙඩි තියනව. ලමයි පවා මැරෙනව. මෙච්චර අායුද සහ මිනි් මරැවෝ එලියේ ඉන්න එකම රට. පෝන්න කතා නොකියා 89 වගේ මුන්ට ටයර් වල යවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site