IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘ජාතික ඩිජිටල් උප්පැන්න’ නිකුත් කිරීම ඇරඹේ

(යොහාන් භාසුර)

ස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (5) ආරම්භ කළේය.

ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට නිකුත් කරන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවත් ඒ අනුව සෑම පුද්ගලයෙක්ටම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකයක් නිකුත් කෙරේ.

ආකර්ෂණීය බව, නිවැරදි බව සහ පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම ද අරමුණ කර ගෙන ඊ - ජනගහණ ලේඛන වැඩසටහන ආරම්භ කළ අතර මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේදී දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය ‘මගේ අංකය’ ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇතුළත් කරයි. ඒ අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් දීමට හැකියාව ලැබෙන අතර ඒ තුළින් ජනගහණ ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබේ.

ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය මෙසේය. සහතිකයේ ඇතුළත් වන තොරතුරු උපන් ස්ථානය පිළිබඳ තොරතුරු මගේ අංකය සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි) පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම. සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම. මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම. මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම. විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම. සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය අද (5) ආරම්භ විය. කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, කළුතර දිස්ත්‍රික් ලේකම් ගීනිගේ ප්‍රසන්න, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් දිපා ලියනගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රණවිර ආරච්චි යන මහත්ම මහත්මීහූ ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් එක්ව සිටියහ.



අදහස් (3)

‘ජාතික ඩිජිටල් උප්පැන්න’ නිකුත් කිරීම ඇරඹේ

Kalpana Tuesday, 05 December 2023 04:53 PM

මේවගේ සම-හරක් අමතිලට මේකටත් උත්සව තියනවනේ, රටේ තත්වේ ගැනවත් හිතන්නේ නැතිව

:       0       3

chandima Wednesday, 06 December 2023 04:54 AM

ඩිජිටල් ක්‍රමයට අරගෙන ගානක් දීලා සීල් එක ගහගෙන ලොක්කාගේ කාමරේ ළඟ පොලිමේ ඉන්න ඕනද අත්සන අරන් පිටපත වලංගු කරවාගන්න ?

:       0       4

තිත්ත වෙච්ච එකෙක් Wednesday, 06 December 2023 10:22 PM

A4 කොළයක සයිස් එකට උප්පැන්න සහතිකේ ප්‍රමාණය අඩු කරලා අදට ගැලපෙන විදියට ඒකෙ උපයෝගීතාවය වැඩි කරලා දෙන්න බැරි ආණ්ඩුව. ඩිජිටල් මගඩියක් දාලා කෝටි ගානක් ගහන්න යන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 403 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1087 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2560 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 2912 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 343 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1217 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39368 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25661 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1134 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 390 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site