IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට  මත ගැටුම් උග්‍ර වී ඇතැයි  දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ජාතික ලැයිස්තුවලට පක්ෂ නායකයන් විසින්  නම් කරනු ලැබ  ඇති ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි  විවේචන එල්ල වීමද මෙම ගැටුම් උත්සන්න වීමට තවත් හේතුවක්වී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාතික ජන බලවේගය හැර අනෙකුත් පක්ෂ බොහොමයක්  නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙවර මහ මැතිවරණයේදී තරග කිරීමෙන් තොරව ජාතික ලැයිස්තුවට ඇතුල්වීමට කාලයක සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි ඇති  බවත්  ඉන් බොහෝ පිරිසකට මහ මැතිවරණයේදී තරග කරන ලෙස පක්ෂ නායකයන් පැවසීමෙන් පක්ෂ  තුළ  මත ගැටුම් මෙසේ  උග්‍ර වී ඇති බවත් සඳහන්වේ.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් තිහකට ආසන්න පිරිසක් විවිධ හේතු මත  ඉදිරි මහ මැතිවරණයේදී තරග නොකිරීමට තීරණය කර ඇත.

මුදල් ගැටලු, තරග කර ජය ගත නොහැකි බවට අදහසක් ඇතිවීම සහ  දේශපාලනය ගැන කලකිරීම  මහ මැතිවරණයට තරඟ නොකිරීමට බලපා ඇති එම හේතු අතර වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.



අදහස් (6)

ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි

nimal Saturday, 12 October 2024 01:33 PM

ජේ.ආර්. ට පින්

:       1       31

gama Saturday, 12 October 2024 01:55 PM

මේ ඔක්කොම අතුගාලා දාන එක පුරවැසියන්ට බාරයි

:       5       85

විපරමා Saturday, 12 October 2024 03:04 PM

ජාතික ලැයිස්තු ක්‍රමවේදය අවලන්ගු කළයුතුයි. දූෂිත දේශපාලුවන්ට, නාකි මහල්ලන්ට, දේශපාලුවන්ගේ හෙන්චයියන්ට එන්න පුළුවන් ලෙහෙසිම ක්‍රමය ජාතික ලැයිස්තුව?

:       4       60

Amal Saturday, 12 October 2024 04:11 PM

2/3 මාලිමාවට දීලා මේ පිං පඩි කාරයින්ට ආය නොඑන්නම නීති හැදුවා නම් වගකීමක් ඇති අය විතරක් දේශපාලනේට ඒවි...

:       8       56

primeshika Saturday, 12 October 2024 04:27 PM

ජාතික ලැයිස්තුව යනු පක්ෂයට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය මත ජනතා කැමැත්තකින් තොරව පක්ෂයේ කැමත්ත මත පමණක් සිදු කරන්නක් බැවින් මෙය අහෝසි කල යුතුය.

:       3       57

ගමේ එකාලා Saturday, 12 October 2024 05:15 PM

පහුගිය කාලවල ජාතික ලැයිස්තුවලින් ආපු අය කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ජනතා කැමැත්තෙන් එනවා මිසක් ජාතික ලැයිස්තු ක්‍රමය රටට අවශ්‍ය නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 295 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 220 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 10 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 719 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 456 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 260 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site