(යොහාන් භාසුර සහ දයාසීලි ලියනගේ)
ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අමතා දිනයක් සහ අංකයක් වෙන්කරගැනීම අනිවාර්ය යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 0115226126 හෝ 0115226100 දුරකථනවලින් දිනය සහ අංකය වෙන්කරගත හැකිය.
සාමාන්‍ය සේවාවෙන් ජාතික හැඳුනුම්පත් අපේක්‍ෂා කරන ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට ඉල්ලුම්පත බාරදිය යුතු අතර හැඳුනුම්පත ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරු වෙත යොමු කරන බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පවසන්නේ හැඳුනුම්පත ලබාගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම් ඊට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශයට යොමුවීම හෝ ඉහත දුරකථනවලින් දිනයක් වෙන්කරගැනීම අනිවාර්ය බවයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් පනවන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) පැවසීය.
ඉන්දියාවේ ආරක්ෂාවට හෝ කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට ඉඩ දෙන්නේ නැතැයි තමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
ජාතික හැඳුනුම්පත ගන්න දිනයක් වෙන් කර ගන්න
A.B.Srila Wednesday, 24 March 2021 05:59 AM
ඇත්තටම මේ නිලධාරින් කරන්න නියත වශයෙන්ම අසාර්ථක වෙන යල්පැන ගිය ක්‍රම. දවසකට 1000ක් විතර අඩුම ගාණෙ හැඳුනුම්පත් ගන්නවා. එක දුරකථනයකට ඇමතුම් 500ක් විතර වෙනවා.. හන්ටින් පහසුකම් තිබුණත් පැය 06ක් විතර වැඩ කරන ආණ්ඩුවේ කන්තෝරුවකින් දිනය සහ අංකය වෙන්කරගත හැකිය යන්න මායාවක්.. ස්මාර්ට් ෆෝන් හැමෝගෙම අතේ තියෙන රටක, ඕනෑතරම් ජාත්‍යන්තර මට්ටමේ APP නිර්මාණකරුවන් තියෙන රටක පොඩි APP එකකින් මේ වැඩේ කරන්න පුළුවන් නේද?