(තිළිණි ද සිල්වා)
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මහත්මිය තේරී පත්ව ඇතැයි එම රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
ලොව පුරා ධෛර්යමත් කාන්තාවන් ඇගයීමට පත් කිරීම සදහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය ලෝක කාන්තා දිනය යෙදී ඇති හෙට (08) දින එරට වේලාවෙන් පෙරවරු 10.00ට ඇමෙරිකා ජනපති ආර්යාව වන ජිල් බයිඩන් හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන් බවද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වේ.
ඒ අනුව මෙම ලාංකික කාන්තාව සමඟ බෙලරූස්, මියන්මාරය, කැමරූන්, චීනය, කොළොම්බියාව, කොංගෝ රාජ්‍යය, ගෝතමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියාව, ස්පාඤ්ඤය, තුර්කිය හා වෙනිසියුලාව යන රටවල් වලින් තෝරා ගනු ලැබූ ධෛර්යමත් කාන්තාවන් 14 දෙනෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
මෙවර ජාත්‍යන්තර ධෛර්යසම්පන්න කාන්තාවට හිමි පිරිනැමූ අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය, සාමය හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් කළ මෙහෙය අගයා මෙම සම්මානය පිරිනැමීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ රනීතා ඥාණරාජා මහත්මිය තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද රටේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක වන බවය.
බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ගොදුරුවූවන් සහ නීතියේ පිළිසරණක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු සහ යුක්තිය වෙනුවෙන් නීතීඥ රනීතා ඥානාරාජා සිය වෘත්තිය කැප කර ඇති තැනැත්තියක් යැයිද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතිඥවරියක්
Aziz Sunday, 07 March 2021 12:53 PM
මේ අය සිංහලයන්ට කැමැති නැහැ.
Raveendra Sunday, 07 March 2021 02:49 PM
පළමුව අප ලාංකීය කාන්තාවක් හැටියට අපගේ උණුසුම් සුබපැතුම් මැයට පිරිනමන්නෙමු.
Bandara Sunday, 07 March 2021 05:22 PM
කමලාගෙන නම් ලංකාවට තව ගොඩක් දේවල් හම්බෙයි වගේ.
Demuni Uduwara Sunday, 07 March 2021 08:05 PM
බියගුල්ලන් සමූහයක් අතර කොඳු නාරටියකි.
Perera Sunday, 07 March 2021 09:19 PM
මෙතුමිය ලංකාවේ හිටියානම් කිසිදිනක ඇගයීමකට ලක්වෙන්නේ නැහැ.
maalaka Monday, 08 March 2021 01:36 AM
එතුමිය ලංකාවේ හිටියා නම්, කවදාවත් මෙවැනි දේකට නිර්දේශ වෙන්නේ නැහැ.
Rasika Monday, 08 March 2021 03:33 AM
කොටින්ට කත් අදිනවා නම් සම්මාන ඕනෑතරම්...
fairoos Monday, 08 March 2021 07:48 AM
සුභ පැතුම්.!
kavindi Tuesday, 09 March 2021 01:01 PM
අපේ සිංහල ඔවුන් 83 දී ගිනිතියලා මරපු දෙමළ පවුල් වලින් ඉතිරිවුණු අයගෙන් පැවත එන උගත්, නීතිඥවරියක්. ඇය වගේ නිර්භීත අය මේ රටේ සිටිය යුතුමයි. නැතිනම් මේ ආණ්ඩුව මිනි මර මර හන්ගයි. නැතිනම් මිනී මෝරුන්ට කන්න දෙයි.
L.G.P.Jathunarachchi Wednesday, 10 March 2021 12:40 AM
මගේ සුබපැතුම්...!!!