(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අනුකාරක සභාව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුවට එළැඹ තිබේ.
නව ක්‍රිඩා පනත ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට පවතින 1973 ක්‍රිඩා පනත අහෝසී වීමට නියමිතය.
පවතින ක්‍රිඩා පනතේ ඇත්තේ යල් පැන ගිය නීති රෙගුලාසි බැවින් නවීන තාක්ෂණයට ගැලපෙන ලෙස ක්‍රිඩාව ඉදිරියට ගෙන යාමට අදාලව නව පනතක් සකස් කිරීමට රජය තීන්දු කළේය.
ඒ අනුව නව ක්‍රීඩා පනතක් සකස් කිරීම වෙනුවෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කළ අතර ඔවුන් ඊට අදාළ දළ කෙටුම්පත මාසයක් ඇතුලත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙරට සියලු ක්‍රීඩා සංගම් ස්ථාපිතව ඇත්තේ මෙම යල් පැන ගිය ක්‍රීඩා පනතේ නීති රෙගුලාසි අනුවය.
එම නිසා මෙම නීති රෙගුලාසි අලුත් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති ක්‍රීඩා පනතක් එයි