IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජාත්‍යාන්තර මුහුදේදී කුඩු කිලෝ 250 නාවික හමුදා බාරයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකදි මත් කුඩු කිලෝ 250ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව නාවික හමුදාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් කළ මෙම විශේෂ මෙහෙයුමේදී  මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේදී සිදු කළ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් 2021 අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 අධික තොගයක් රැගත් මෙරට බහුදින ධිවර යාත්‍රාවක් ද, 2021 සැප්තැම්බර් මස 04 සහ 10 වන දිනයන්හීදී පිළිවෙලින් හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 336කට සහ කිලෝ 170කට අධික මත් තොගයන් ප්‍රවාහණය කරමින් තිබූ විදේශය ධිවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

 



අදහස් (4)

ජාත්‍යාන්තර මුහුදේදී කුඩු කිලෝ 250 නාවික හමුදා බාරයට

sachith Saturday, 11 December 2021 10:05 AM

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට දෙන්නේ නැතිව වෙන කවුරුහරි ගෙන්නවපු එකක්ද දන්නේ...?

:       23       9

පිටිගල මිලානෝ Saturday, 11 December 2021 12:32 PM

මේවාට සම්බන්ධ බලධාරියෙක් නේද ඊයෙ පෙරේදා ඔත්තුව ලැබුණු ගමන් හොරෙන්ම ගිහිල්ලා රත්තරන් හෑරුවේ පුල්මුඩේ පැත්තේ...? පාර්සල් කරලාම අතට හම්බවෙන කුඩුවලට මෙවන් නිලධාරීන් මොනවා නොකරයිද?

:       37       11

Prabha Saturday, 11 December 2021 06:37 PM

ආරක්ෂාකාරීව ගොඩබිමට ගෙන්වන අලුත්ම ක්‍රමයද කියලත් හිතෙනවා.

:       2       7

Bunny Preena Tuesday, 21 December 2021 09:10 AM

අපි හරිදේ හරි විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ... නැතිනම් ගෙදර තියෙන වතුර වීදුරුවේත් කිඹුලන් දකීවි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 339 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 320 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 412 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 232 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 551 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site