IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලියේ ශූරයෝ කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ශූරයින් රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා ගෙන අද(16) සහ  ඊයේ(15 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ බ්ලූෆොන්ටේන් නගරයේ ඉකුත් 03 දින සිට 13 දක්වා ලෝකයේ රටවල් 12 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් පුෂ්පකුමාර ඔහු සහභාගී වූ ඉසව්වෙන් ලබා ගත හැකි ලකුණු 40 න් 40 ම ලබා ගනිමින් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව පුෂ්පකුමාර මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගෙන  තිබුණි . එසේම කපිතාන් හසංග රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු  ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ සංචිතය නියෝජනය කරමින් සහභාගී වූ රයල් ලියනගේ රන් පදක්කම් 03  ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබූ අතර සෙනිත් රත්නායක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගෙන 15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා නාවික හමුදා සහ යුධ හමුදා උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 



අදහස් (3)

ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලියේ ශූරයෝ කටුනායකට

යෝගා Sunday, 16 June 2024 09:04 AM

කෝ අපේ ක්‍රිකට් ශූරයන්ගේ වගේ ඇඟ පුරාම ටැටූ නෑනේ.

:       0       5

Asela Sunday, 16 June 2024 09:33 AM

උණුසුම් සුබ පැතුම්! ඒත් තවම ක්‍රිකට් ශූරයෝ ටික ගොඩබැස්සේ නැතුව ඇති. මත්තලින් හරි රත්මලානෙන් හරි ගොඩබසීද දන්නේ නෑ නේද

:       1       5

නිමල් Sunday, 16 June 2024 09:28 PM

ගෙදර අය විතරයි පිළිගන්න ඇවිත් තියෙන්නේ. මේවා බාල රත්තරං නොවෙයි. ක්‍රිකට් කට්ටිය අසූචි නාගෙන ආවත් රෙඩ් කාපට්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 95 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 996 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 891 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3571 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site