IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනක නෙරපන යෝජනා විවාදය 24

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම කොමිෂන්  සභාවේ සාමාජික ධූරයෙන් ඉවත් කිරීම සඳහාවූ යෝජනාව  ලබන 24 වැනිදා බදාදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

එම විවාදය එදින උදේ 10.30  සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

මේ අතර ලබන 22 වැනි දා විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික  දසනායක මහතාගේ සේවය ඇගයීම පිළිබඳ විවාදය ලබන 25 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 9.30 සිට සවස 12.30 දක්වා පැවැත්වෙන බව පාලිමේන්තුවේ  නියෝජ්‍ය මහලේකම් සහ කාර්යමණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

හිටපු කතානායක අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ විවාදය  ලබන 26  වැනිදා සිකුරාදා
පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තුව ලබන 23 වැනිදා සිට 26 වැනිදා  දක්වා පැවැත්වීමටද එම කාරක සභාව  වැඩිදුරටත් තීරණය කර ඈත.

ඔට්ටු ඇල්ලීම සහ සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, වරාය ගුවන්තොටුපොළ  සංවර්ධන බදු පනත යටතේ නියෝගය, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේවූ  ගැසට් පත්‍රියේ  සඳහන් නියෝගය ලබන 23 වැනිදා අඟහරුවාදා විවාදයට ගැනේ..



 

 



අදහස් (4)

ජනක නෙරපන යෝජනා විවාදය 24

C.K.Lankaputhra Friday, 19 May 2023 06:50 PM

රජය විසින් මහජනයා මත පටවනු ලබන අනිසි හා පීඩාකාරී තීන්දු තීරණ වලට විරුද්ධව තනිවම සටන් කළ මේ නිලධාරියාව එලවා දැමීම සඳහා යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ඕනෑම මැති ඇමැතියෙකුට කවදාකවත් ඔබගේ ඡන්දය නොදීමට හිතේ තබාගන්න. ඔවුන් අමු පාහර දේශපාලුවන් බව නිතරම මතක්කර ගන්න...

:       4       7

මල් මාමා Friday, 19 May 2023 07:59 PM

ඔබගේ අදහස් අනුමත කරමි... එහෙත් ලංකාවේ මිනිසුන් කිසිම දිනක ඔබගේ අදහස් අනුව ක්‍රියා නොකරන බව දන්වනු කැමැත්තෙමි. ලංකාවේ මිනිස්සුන්ගේ ලේ වල මොකක් හරි වැරැද්දක් තියෙනවා...

:       3       4

පැරකුම්Saturday, 20 May 2023 10:14 AM

වැරැද්ද ලේවල නෙවෙයි රටේ ආර්ථිකයයි... මොන ක්‍රමයකින් හෝ ගොඩඒමට කපටි දේශපාලුවන් පසුපස යන්නේ ඒ නිසයි. ජනතාවට නිවැරදි අවබෝධය ලබාදීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තාක්කල් මේ තත්වය එලෙසම පවතීවි...

:       0       0

K.a.anil Monday, 22 May 2023 10:14 PM

ජනක රත්නායක මහතා නිර්දෝෂී කෙනෙක් .ඔහු කතා කරන්නේ සමස්ථ මහජනයා වෙනුවෙන් .ඔහු රටට ආඩම්බර මහත්මයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site