(යොහාන් භාසුර සහ මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්‍ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බව ද එම ප්‍රකාශකයා කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්‍ෂයේ හිටපු ලේකම් සහ එම පක්‍ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් එම ප්‍රකාශකයා කීය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලා
Chandanie Wednesday, 14 August 2024 06:16 PM
ඒක අල්ලසක් හැටියට සලකන්න පුළුවන්ද කියලා හිතෙනවා කෙනෙක් හෝ පිරිසක් විසින් හදාවඩා පෝෂණය කල පක්ෂයේ අයිතිය විකිණීමට කටයුතු කිරීම අල්ලසක් වෙන්නේ කොහොමද... ඒක දේපළ විකිණීමක් හැටියට සලකන්න පුළුවන්... ජනක හිතාගෙන ඇති අනුන්ගේ දේපළ නිකම්ම ඔහුට පිදිය යුතුයි කියලා...!
PereraThursday, 15 August 2024 06:52 AM
මෙතන පක්ෂයේ අයිතිය මාරුවීමක් වත් විකිණීමක්වත් වෙලා නැහැනේ... පක්ෂයේ නම යටතේ නාමයෝජනා දෙන්න මුදල් ඉල්ලලා තියෙන්නේ. එය අල්ලසක්...
මහසෙන් Wednesday, 14 August 2024 06:17 PM
අල්ලස ගැනීම වගේම දීමත් වරදක් නේද?
PereraThursday, 15 August 2024 06:54 AM
අල්ලස් දීලා තියෙන්නේ බලධාරීන් දැනුවත්ව අල්ලස් ගන්න අයව අත්අඩංගුවට ගැනීමේ සැලැස්ම අනුවයි .එය වරදක් නොවෙයි
Lasanthi Wednesday, 14 August 2024 06:51 PM
වත්කමක් විකුණා මුදල් ගන්නවා කියන්නේ අල්ලසක් කියන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් පැහැදිලි කරන්න...
Rata Perata Wednesday, 14 August 2024 07:10 PM
සල්ලිවලට ගෙම්බෝ වගේ පනින අනිත් අයට දැන් චූ යනවා ඇති. නියම ප්‍රවෘත්තියක්... ඡන්දෙ ළංවෙලා පිට රට යන්න ටිකට් ගන්න අය ගැන ඇහැ ගහගෙන ඉන්න.
Raman Wednesday, 14 August 2024 07:59 PM
ඔය පක්ෂයෙන් 2015 ඡන්දෙ ඉල්ලුවේ කවුද?
සිසිල් සුදේශ් Wednesday, 14 August 2024 08:43 PM
අල්ලස් දුන්නු එක්කෙනා ඇල්ලුවේ නැද්ද?
Gunendra Wednesday, 14 August 2024 10:11 PM
මේක මෙයාගේ ප්‍රචාරක වැඩක්, පහුගිය දවස්වල මෙයා ගැන ගිය ආරංචිත් හොඳ නැහැ...!
Prabath Thursday, 15 August 2024 08:05 AM
මෙයා ලක්ෂ 300 ක් (කොටි 3ක් )උපයාගත් හැටි හොයන්න