(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්රශ්නවල අතරමං වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.
දිස්ත්‍රික්ක 11 ක පවුල් 2900 ක් ආශ්රයෙන් සිදුකළ මෙම සමීක්ෂණයේදී පවුල් 2900 න් සියයට 95 කට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ ආර්ථික අර් බුදය කුමන හෝ අයුරකින් බලපා ඇතැයි හෙළි වූ බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය.
උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට එල්ල වී ඇති බලපෑම් අතර ආහාර අනාරක්ෂිතභාවය, සෞඛ්‍යය පිළිබඳ ගැටළු , ජීවනෝපාය සහ පෝෂණය සම්බන්ධ ගැටළු ප්රමුඛ ස්ථානයක් ගන්නා බව අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.
ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නොමැති වීම, මිල අධික වීම සහ ලැබෙන අදායම අඩු වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
ඉහළ උද්ධමනය සහ ජීවනෝපායන් අහිමි වීම, වාර් තාගත ලෙස ඉහළ යන ජීවන වියදමට ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට ඇති හැකියාවට විශාල බලපෑමක් එල්ල කරන බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය.
ජීවනෝපායන් අහිමි වීම සැලකිය යුතු ආහාර අනාරක්ෂිත භාවයක් ඇති කරන අතර ඉහළ යන උද්ධමනය හේතුවෙන් ඖෂධවල මිල ඉහළ යමින් පවතින බවත් ඉහළ ඉන්ධන පිරිවැය අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීම වළක්වාලන බවත් අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර ආර් ථික අර් බුදයට මානුෂීය මැදිහත්වීමක් සිදු නොවූහොත් ඉන් ශ්‍රී ලාංකිකයන්ට දීර් ඝ කාලීන බලපෑමක් එල්ල විය හැකි බවත් එම සමීක්ෂණ වාර් තාවේ සඳහන් වේ.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාව අර්ථික ප්රශ්නවල අතරමං වෙලා