IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘‘ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගන්න දඟලනවා‘‘

(ආරියරත්න රණබාහු )

ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගැනිීම සඳහා සන්ධාන ගතවීම් සිදුකරමින් සිටියද ඒ කිසිදු සන්ධානයකට ජාතික ජනබල වේගය එකතු වන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ රටේ දැවැන්තම සන්ධානය වන ජනතාව සමඟ ජාතික ජනබලවේගය මේ වන විට විශාල ලෙස සන්ධාන ගතවී ඇතැයි පැවසු ලේකම්වරයා දිනෙන් දින ඒ සන්ධානය ට ජනතාව ඒක රාශි වන බව පෙනෙන්නට ඇතැයි ද පැවසීය.

ලාභ සහ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලට ජනතාව රැවටුනු යුගය නිමාකරමින් සමාජයේ ගැඹුරු වෙනස්කම් සඳහා ජනතාව පෙරට එමින් සිටින බවද හෙතෙම කීය.

ඉදිරි මැතිවරණවල පරාජය පිළිබඳව බියට පත්ව ඇති පාලකයන් දුෂිත කණ්ඩායම් විවිධ උපක්‍රම භාවිතා කිරිමට පටන්ගෙන ඇතැයිද කී ලේකම්වරයා ඒ අනුව රංචු ගැසෙමින් නව පෙනුමකින් ජනතාව තව දුරටත් රැවටිය හැකිදැයි මාන බලනබවද පැවසීය.

රටක් බංකොළොත් පිරිසකට නැවත රට දියුණු කළ⁣ නොහැකි බවද පැවසු ඒ මහතා ජන්ද මඟ හැරිම සඳහා බොරුවට වැඩපිළිවෙළවල් හදන බවද කීය.

විධායක ජනාධිපති ක්‍රමය ⁣ අහෝසි කිරිම කඩිමුඩියේ කළ නොහැක්කක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඒ කරුණ ඉටුකිරීම අනිවාර්යයෙන් ම කරන බවද කීය.

 



අදහස් (9)

‘‘ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගන්න දඟලනවා‘‘

වත්සි Thursday, 29 February 2024 07:19 PM

ඒ ගොල්ලෝ පණ ගැට ගහගන්න සංධාන ගතවෙනවා... තමුන්ලා අමුල් කිරිපල්⁣ලෙ එල්ලෙනවා. අනේ දිනනතුරු...!

:       1       1

Bandara Thursday, 29 February 2024 08:08 PM

අන්න ඔයාගේ ලොක්කා කැනඩාවේ ගිහින්...

:       0       0

Manjula Pradeep Thursday, 29 February 2024 08:50 PM

Jvp ආණ්ඩුවක් ආවොත් අනිවාර්යයෙන්ම විරුද්ධ මත දරන්නන්ට, දේශපාලන විරුද්ධ වාදීන්ට පණ රැකගන්න එක දුෂ්කර කටයුත්තක් වේවි...! 70 හැත්ත එක කාලේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිතයකට තිබුණු වටිනාකම අඩු කළා වගේම අසූවට අසූ නමය කාලේ අන්තිමට පාරක මේ මනුස්සයෙක් වැටිලා හිටියත් බලන්න නැති ගානට ලාංකිකයින්ගේ මනුස්සකම නැති කළා. කළ කාලෙදී අහිංසක මිනිසුන්ගේ දේපළවලට ජීවිතවලට දීපු වටිනාකම අපි දැක්කා. කාරක වැටිලා හිටපු සතෙකුටත් අනුකම්පා කරපු ලාංකිකයන් අද මිනිස් ජීවිතයකට දෙන ලන්සුව මේ තරමි අඩු අගයක් කලේ වැඩිපුරම ජීවීපි කාරයින් හා අනෙක කොටින් කළ විනාශය නිසයි. ඉදිරියේදීත් තමන්ට බලයට එන්න හා ගත්ත බලය රැකගන්න ඕනෑම දෙයක් කරන බව අපි දන්නවා.

:       1       0

සිල්වා Thursday, 29 February 2024 09:19 PM

දැං ඔහොම කිව්වාට, 2004 රාජපක්ෂලාව බලයට ගෙනාවේ ඔබතුමන්ලා නෙමෙයිද?

:       1       1

Manjula Pradeep Thursday, 29 February 2024 09:41 PM

ජවිපෙ කීපාරක් සීයට තුනටත් අඩුවෙන් ඡන්දය දීලා ජනතාව කී පාරක් ප්‍රතික්ෂේප කළාද?. හැම අවස්ථාවකම ජවිපෙත් කළේ සූරියප්පෙරුමගේ, සරත් ෆොන්සේකාගේ, අර්ජුන රණතුංගගේ, මහින්දගේ ඇඟේ එල්ලිලා යාන්තම් ගොඩගිය එක නේද?

:       1       1

Sanath Kandy Thursday, 29 February 2024 11:07 PM

දැවැන්ත ජනතා බලවේගයක් බිහිකිරීමේ කාර්‍ය පිටුපස සිටි පුංචි මිනිසා. අධිෂ්ඨානශීලීත්වයේ පරමාදර්ශය...​

:       1       1

Bamunuarachchi Thursday, 29 February 2024 11:36 PM

කව්ද ජනතාව ප්‍රතික්ෂේප කළේ? උතුර දකුණ මාරුවෙලා වගේ. ජේවීපී එක හැරෙන්න එජාපය පොහොට්ටුව වැනි බලවත් පක්ෂ අවුරුදු 5 න් 5 ට රටේ බලයට ආවා. චේගුවේරා හෙවත් ජේවීපී ය මොන නමින් ආවත් අවුරුදු 58 ජනතාව ප්‍රතික්ෂේප කළා.

:       1       2

සකල ගුරු Friday, 01 March 2024 06:35 AM

ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට 225 න් 222 දෙකක් තියෙනවා ජනතාව පිළිගත් අයට 225 න් තුනක් තියෙනවා මුන්දැ කියන්නෙ එහෙම කියලා තමයි මට පේන්නෙ 1994 දී තිහකට වැඩියෙන් සිටි ඔවුන් ජනතාව පිලිගත්තා නම් තුනකට බැස්සෙ කොහොමෙයි

:       7       5

hira Friday, 01 March 2024 07:47 AM

ඔයාලව ප්‍රතික්ෂේප කලේ සෑහෙන කාලෙකට කලින් .තොත්ත බබාලා ටික දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික ෆේස්බුක් එකෙන් රැවැට්ටුවට බහුතරයක් ඔයාලගේ පැටිකිරිය දන්නවා මෙයා .ඒක නිසා රඟන එක නැවත්තුවොත් හොඳයි

:       6       3

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1472 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 608 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 429 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 691 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 443 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1245 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site