IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘‘ජනතාව සමග සම්මුතියක් ඇති එකම පක්ෂය ජාජබ යයි‘‘

(ආරියරත්න රණබාහු)

ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රාජගිරියේදී පැවසීය

මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් පසු එම පක්ෂයේ ආධාරකරුවන්ඒ මහතා උණුසුම් අයුරින් පිළිගත්හ. එම උත්සවයේදී ඒ බව කී දිසානායක මහතා එහිදී මෙසේදී කීය.

අපේ සම්මුතිය තිබෙන්නේ ර මේ රටේ ජනතාව සමඟයි මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව දක්නට ලැබෙනවා . ඒවා ජනතාව සමඟ එළඹෙන ගිවිසුම් නොවෙයි ඒවායේ සඳහන් වන්නේ ඒ ඒ පක්ෂ වලට ලැබෙනඅපේක්ෂකයන් ා මන්ත්‍රීධූර ඇමැති ධුර යන සංඛ්‍යායි.

මීට මාස කීපයකට පෙර විවිධ මතවාදවල සිටි එකිනෙකාට අවලාද නැගූ එරෙහිවූ කණ්ඩායම් දැන් එක වේදිකාවට නගිනවා.. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අයයි එය විනාශ කරනවා යැයි කියු අයයි එක වේදිකාවේ. මහජනයාගේ දේපල සොරකම් කළ අයමෙන්ම ඒවාට දඬුවම් දෙනවා යැයි කියූ අයයි එක වේදිකාවට නගිනවා

ඒ අනුව මේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය සැප්තැම්බර් 21වෙනිදා අවසන් කරනවා. මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දය. මේක තමයි මේ රටේ වෙනස් කරන ඡන්දය මේ අය හොරා කාපු දේපළ පවරා ගැනීමටත් ඒ අයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවද දිසානායක මහතා කීය .



අදහස් (18)

‘‘ජනතාව සමග සම්මුතියක් ඇති එකම පක්ෂය ජාජබ යයි‘‘

Gayan kumarasinghe Friday, 16 August 2024 08:15 AM

ඒක ඇත්තමයි

:       133       63

Manjula Pradeep Friday, 16 August 2024 08:31 AM

මෙතෙක් කාලයක් විශ්වවිද්‍යාල ඇතුලේ පාසල් වලින් ආයතන වල පාරවල් ගානේ කරපු උද්ඝෝෂණ පිකටින් ආදිය හා එකා අසූවට අසූ නම කාලෙ මිනීමරලා ජාතික වස්තු ගිනි තියල කරල අහිංසක මිනිසුන්ට ඉගෙන ගන්න ළමයින්ට කරපු හිරිහැර ගැන ගැන හිතුවාම නම් හිතෙන්නේ ජනතාව සමඟ ඇරියස් එකක් තියෙන එකම පක්ෂය ජවීප කියලා

:       77       133

Lakshitha Friday, 16 August 2024 08:37 AM

සම්මුති කෙසේ වෙතත්, පාස්කුවෙන් ආර්ථිකේට කෙල වෙලා නට්ටන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, කොරෝනා ඇවිත් හෝදගෙනම ගියාම, ඒවා මිනිස්සුන්ගෙන් වහලා පාලක පක්ෂය හොරා කියන්න සුපිරි පිනා චාන්ස් එකක් ආවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන්, බටහිර රටවලුත් එකතු කරගෙන විපක්ෂ උන්ගෙන් ගන්න පුලුවන් උපරිමෙන් පලි ගත්තා. ගෙවල් ගිනි තියලා, මිනී මරලා.. ඔහොම යන්කො.

:       28       71

Nimal Friday, 16 August 2024 08:47 AM

ජයවේවා අපේ එකම පැතුම ඔබයි...

:       115       81

Gunendra Friday, 16 August 2024 09:18 AM

මේක 2005 රනිල් මහතාගේ සටන් පාටයක්.

:       51       102

Kumara Friday, 16 August 2024 09:38 AM

පහුගිය අවුරුදු 20 ක් විතර තිබුණු ආණ්ඩු හැම එකේම රාජිත​, නිමල් සිරිපාල, බන්දුල​, විජයදාස​, අමරවීර, හකීම්, තොණ්ඩමන්ලා ඇමැතිවරු. මුන් එහෙට මෙහෙට පැනලා ගිවිසුම් ගැහුවට ආයේ මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නෑ.

:       87       71

Chandana Friday, 16 August 2024 09:39 AM

හොරු සමග ඩීල් ගිවිසුම් ගහන එකෙකුටවත් මෙදා පාර මිනිස්සු ඡන් දේ දෙන්නේ නෑ.

:       86       71

Ekanayaka Friday, 16 August 2024 09:41 AM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​.

:       96       74

Upali Friday, 16 August 2024 09:49 AM

සුබ පැතුම් ජාතික ජනබල වේගයට ❤️

:       89       71

රංබොඩ Friday, 16 August 2024 10:41 AM

බැලූ බැල්මට ඒ කතාව ඇත්ත. නමුත් දේශපාලනය කුළ කිසිවෙකුත් විශ්වාස කළ නොහැකි වග අපට ඉගැනුනුවේ දේශපාලකයන්ම ය. අතීත වැරදි හදාගන්න ඕනම කෙනෙකුට අවස්ථාව තිබිය යුතුයි . මොවුන් කිසිදාක බලයට ඇවිත් නැති නිසා , දැන් බලයට පැමිණිම හොඳ යැයි සිතේ. නමුත් බලය සමඟ ඔවුන්ගේ හැසිරීම කෙසේ වේදැයි නොදනිමි.

:       48       40

සාලිය​Friday, 16 August 2024 11:07 AM

ඔවුන් සරසවියේදී බලය ගෙන​, බලය පාවිච්චි කල අන් දම අත්විඳ ඇත​. එමෙන්ම කැබිනට් ඇමැතිකම් ද දැරූ කට්ටියක්...!

:       26       62

Gamini Friday, 16 August 2024 11:45 AM

ජාතික ජරා බලවේග...!

:       29       59

සෙනෙවිරත්න Friday, 16 August 2024 12:15 PM

මංජුල ප්‍රදීප්ට කියන්න තියෙන්නේ රටේ පාලනය ජවිපෙ නොවන බවත් සියල්ල හරියට හෝ ආසන්නවත් කලා නම් ඔබ කියන කඩාකප්පල් වැඩ දේපල හානි අඩුම ගානේ යාපනයේ පුස්තකාලයවත් ඉතුරුවන්න තිබුණු බවයි.

:       58       31

Pradeep KumaraSaturday, 17 August 2024 08:35 AM

එහෙම කියන්න එපා සෙනවි, ඔළුව ඇතුලේ මොළයක් නැති එවුන්ට ඕවා තේරෙන්නේ නෑ. මොනවා කෙරුවත් කිව්වත් ඔවුන් වහල් භාවයෙන් මිදෙන්න කැමැති නෑ. උනුත් වහල්ලු වෙලා ඔවුන්ගේ දරු පරපුරත් වහල්ලු වෙනවාට තමයි එයාලා කැමැති...!

:       15       1

Nishan Friday, 16 August 2024 03:31 PM

යාපනේ පුස්තකාලය මතක් කරන සෙනවිරත්නට අමතකයි ගල් කටස් බලයෙන් රට පුරා බැංකු මංකොල්ල කාපුවා සහ බිලියන ගාණක් වටිනා පොදු ජනතාවගේ බදු මුදලින් ගොඩ නගපු දේපල ගිනි තියලා වනසපුවා...!

:       15       60

සෙනෙවිරත්න Friday, 16 August 2024 05:14 PM

නිශාන් දේශපාලන ඉතිහාසය තව ඉගෙනගෙන එන්න. 82 කළ ලාම්පු සෙල්ලම දාලා මැතිවරණ කල් දාලා, 83 කලු ජූලිය පිට දාලා පක්ෂය තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිටට තල්ලු කරලා, රටේ භීෂණකාරී තත්ත්වයක් ඇති කරපු ජේ ආර්, රනිල් කල්ලිය ඔබ කියන ගල්කටස් සංස්කෘතියේ නිර්මාණ කරුවන් බව රටම පිළිගන්නා පරම සත්‍යයයි. වැඩිහිටියෙකුගෙන් අහන්න 77-ඉඳලා 84, 85, 86 කාලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නඩු කාරයින්ගේ ගෙට ගල්ගහපු යුගයක් දන්නෝ දනිති...

:       49       9

ranjan Friday, 16 August 2024 07:17 PM

අපට තියන එකම විසඳුම NPP, ජය නියතයි...

:       48       16

Nishan Saturday, 17 August 2024 05:09 AM

සෙනවිරත්න ඔයා තමයි දේශපාලනය දන්නේ නැත්තේ. 83 දී පක්ෂ තහනම් වුනේ ජේවීපී එකේ විතරක් නෙවෙයි. තවත් පක්ෂ දෙකක් තහනම් වුණා. ඒත් එයාලා කැලෑ වැදිලා මිනී මරන්නයි, පොදු දේපල ගිනි තියලා වනසන්නයි ගියේ නෑ. වැදගත් විදියට උසාවි ගිහින් ඒ තහනම ඉවත් කර ගත්තා. ඔයාගේ කට්ටියට ඕනෑ වුණා ඒ පිටින් දාලා විප්ලවෙන් බලේ ගන්න. මොකද 1982 ජනාධිපතිවරණෙන් ඔයාගේ නායකයා කුජීත පරාජයක් ලැබුවා. ඔයාලා නඩු කාරයෝ මැරුවා ගල් ගහලා විතරක් නැවතුනේ නෑ...

:       2       46

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1073 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6655 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3647 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28674 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site