(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අපි මාධ්‍ය සාකච්ජා තියන්න ගියේ නැහැ රජයක හැටියට අප කරන්න උවමනා දේ කළා. රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි පලමුව තහවුරු කළා. අන්න ඒ විදිහටයි අපි රටක් කරන්නේ. කළ යුතු දේ කළ යුතු මොහොතේ කිරීමයි අපේ වගකිම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුත්තලම නගරයේදී පැවසිය.
අපි දන්නවා මේ වන විට ලෝකයෙ යුද ගැටුමක් නිර්මාණය වෙලා තිබෙනවා .එහි අවදානම් තත්වයක් ලංකාවට දැනිලා තිබුණා. සති දෙකකට පෙර අපිට වාර්තා වුණ. අපිට බුද්ධි අංශ ඒ බව අනාවර්ණය කර තිබුණ.ඒ සමගම අපි අදාල කටයුතු ආරම්භ කළා.වෙන රජයන් වාගේ පැවති රජයන් වාගේ ඒ දෙවල් මාධ්‍ය සාකච්ජා තිබ්බේ නැහැ.ඒ තොරතුරකට අනුව පුරවැසියන්ගේ ආරක්ෂාව අපි තහවුරු කළා අපි ඒ බුද්ධි තොරතුරට අනුව වේගයෙන් ක්‍රියාත්මක කළා.ඒ පිළිබදව සැක සහිත පුද්ගලයන් අත් අඩංගුවට ගන්න කටයුතු කළා.
ඒ වාගෙම කිසිදු සිවිල් පුද්ගලයකුට ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න ඉඩ නොදි බුද්ධි අංශ, ආරක්ෂක අංශ දිවා රාත්‍රි එවැනි තත්වයක් ඇතිවිමට ඉඩ නොදි කටයුතු කළා. හැබැයි නැවතත් අපි කියන්න ඕනා අන්න ඒවාට තමයි ආණ්ඩු කියන්නේ.
ආරක්ෂාව අතින් පුරවැසියන් බලා ගත යුතුයි,අධ්‍යාපනය අතින් දරුවන් බලා ගත යුතුයි,ව්‍යාපාර අනිත් ව්‍යාපාරිකයින් බලා ගත යුතුයි කිසිදු කේෂත්‍රයක් බිද වැටිමට ඉඩ නොතබා අපි වගකිම් ඉටු කරන ආණ්ඩුවක් ලෙස කටයුතු කළා.
හැම කෙනාම කියනවා මේ රජය මාසයෙන් කඩා වැටෙයි,මාස තුනෙන් කඩා වැටෙයි කියලා හැබැයි අපි හදලා තියෙන්නේ එසේ කඩා බිද වැට්ටිය හැකි ආණ්ඩුවක් නොවන බව සියලු දෙනා සිහි තබා ගත යුතුයි.
ජනධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා සිටියේ මහ මැතිවර්ණයට පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කලපු තිරයෙ පැවති ජන හමුවකට එක්වෙමිනි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජනතාවගේ ආරක්ෂාව අප මුලින්ම තහවුරු කළා‘‘
Susa Thursday, 24 October 2024 09:45 PM
ජනාධිපතිතුමා, ඔබ තවම මෝරලා මදි නිසා වෙන්න පුළුවන් ඔය අපි මාධ්‍ය සාකච්ඡා තියන්නේ නෑ කරන්න ඕනෑ දේ කරා වගේ කතා කියන්නේ. තර්ජනයක් ගැන දැනගත් විගස ඒ ගැන හොයා බලා එහි ඇත්ත නැත්ත මහ ජනතාවට දැනුම් දිය යුතුයි. එවිට තමයි කතාව ඇත්ත නම් මහජනතාව පවා සැලකිලිමත් වෙලා ඇතිවිය හැකි අනතුරු වළක්වා ගන්න තවත් ඉඩ ලැබෙන්නේ. ආරක්ෂක අංශවලට පමණක් තනියෙන් රටේ හැමතැනම ඉන්න මහ ජනතාව ආරක්ෂා කරන්න බෑ. ඒ වගේම ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැලසුම් අතහරින්නත් ඉඩ තියෙනවා මහජනතාව පවා තර්ජන ගැන දැනුවත් කියලා දැනගත්තාම. අනික ඒ වගේ පුවතක් දැනගෙන තමුන්ගේ ප්‍රවේශම බලාගන්නත් මහ ජනතාව වන අපට අයිතියක් තිබෙනවා. ඔබලා ඒ ආරක්ෂිතව ජීවත් වීමේ අයිතිය අපෙන් උදුරාගන්න එපා. මේ 1971 ටින්කිරි ටින් වලින් හදපු බෝම්බ කෑලි වලින් රටක් අල්ලන්න හැදුවා වගේ එකක් නොවෙයි. මේ කොටි සංවිධානය වගේ දරුණු ලෙස ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් කොටසක්. ඔබලා 1987-89 කරපු විප්ලව පාඩම් අදට වලංගු නෑ. ඔය ටිකම කරන්න ගිහින් තමයි යහපාලනේ එවුන් පාස්කු ප්‍රහාරය වෙනකම් නොදැන හිටියේ. මතකනේ හමුදාපති හිටපු මහේෂ් සේනානායක කිව්වා එයා පාස්කු ප්‍රහාරය ගැන දැනගත්තේ ඉන්ටර්නෙට් එකෙන් කියලා.
Samith Thursday, 24 October 2024 10:33 PM
තවමත් මිනිස්සු එන්නේ හොඳටම රැවටිලා. පව් අනේ...
සෙනෙවිරත්න Friday, 25 October 2024 12:04 PM
පළපුරුදු රාජ්‍ය නායකයෙකුගේ පරිචය අනුව කටයුතු කිරීම ප්‍රසංශාත්මක කටයුත්තකි. මහජනතාවට දැනගැනීමට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ පවතී. පැවති රජයන් වගකීම් විරහිතව කටයුතු කරගත් විනාශයන් අමතක නැත.
Roni Friday, 25 October 2024 12:08 PM
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ පොල් ලොරි ඇවිල්ලා.