IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජනතාවට සහන නැති නිසා අයවැයට ඡන්දය දුන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැයෙන් ජනතාවට සහන නැති හෙයින් අයවැය  දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී  තමා ඡන්දය දීමෙන් වැළකී සිටිය බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තමා ජනතාවට සහන දීම වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙවර  අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් සමහරක් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ  නොහැකි ඒවා බවත්  මන්ත්‍රීවරයා කීවේය.

ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ  අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බව  නාමල් රාජපක්ෂ පැවසීය.

විශේෂයෙන්ම ආණ්ඩුවේ  මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම  සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවද ඔහු පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක්ද  අයවැයේ  නොමැති බවත් එසේම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවත්  මන්ත්‍රීවරයා කීය

රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.



අදහස් (26)

ජනතාවට සහන නැති නිසා අයවැයට ඡන්දය දුන්නේ නෑ

GONA Tuesday, 21 November 2023 07:57 PM

අයි එකට විරුද්දව චන්දෙ නොදුන්නේ? තොපි රට කැවා...

:       1       9

Sagara Kariyawasam Gobbaya Tuesday, 21 November 2023 07:57 PM

අපෝ උම්බ නන් චන්දෙ දීපන්.රට කාල දෑන් තමය් මිනිස්සු ගෑන හිතන්න පටන් අරන් තියෙන්නෙ.උම්බ හිතුවද හෑමදාමත් මිනිස්සු අන්දන්න පුලුවන් කියල.කාලකන්නි රාජපක්ස හෑත්ත.

:       1       10

Prabha Tuesday, 21 November 2023 08:21 PM

ඇයි කිරි පුතේ තාත්තල බාප්පලත් එක්ක ආන්ඩු කරපු කාලෙ ග්‍රාමීය සංවර්ධනය කොරන්න වෙලාවක් තිබුනෙම නැතිද?

:       1       8

Aruna Tuesday, 21 November 2023 08:21 PM

ජනතාව දැන් තණකොල කන එක නවත්තල තියෙන්නෙ. ඒ්ක නිසා ඔය බොරු බයිල ගහල ජනතාව ගොනාට අන්දන්න බැහැ චන්දයක් ලගම අැති ඒකයි ඔය තප්පුලන්නෙ. කොහොමත් මෙදා පාරනම් ඔය ඔක්කොම ගෙදර නවතින්න වෙයි.

:       0       8

[email protected] Tuesday, 21 November 2023 08:27 PM

ඔයා රග පෑවට චන්ද නෑ

:       0       8

Aravinda Monarawila Tuesday, 21 November 2023 08:32 PM

ගොන් පාට් දාන්න එපා මිනිහො, ඔවට රැවටුනු කාලය ඉවරයි.

:       0       8

අප්ප බාප්ප Tuesday, 21 November 2023 08:40 PM

උබලාගේ අප්ප බාප්ප ගෙනාපු අය වැයවල් තමයි අපිට හොදටම කරේ.

:       0       8

Kumara Tuesday, 21 November 2023 08:48 PM

අනේ පල යන්න .අපිව ගොනාට අඬන්නේ නැතුව .ඉන්නකල් රට කාලා දැන් මිනිස්සු ගැන හිතනවා ලු .තොපිට හෙන ගහනවා

:       0       7

Jay Tuesday, 21 November 2023 08:58 PM

මෙයා පොඩි රඟපෑමක් කරන්නේ .තාත්තට විරුද්ධව යන පුතෙක් .අපි රැවටුනා හොඳේ

:       0       7

ගමේ එකාලා Tuesday, 21 November 2023 10:07 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් කරපු හරිය හොන්දටම ඇති හොර පෙරකදෝරුවා සුද්දවන්තයා වෙන්ඩ හදනවා .

:       0       7

abaran Wednesday, 22 November 2023 12:23 AM

අනික මේ අය වැයේ නැහැනේ නීති විභාගේ හොරට ලියන විදිහ . එකත් හේතු වෙන්න ඇති චන්දෙ නොදෙන්න ? කාවද උන්නැහේ මේ රවට්ටන්න හදනේ ? හැබැයි ලබන චන්දෙදි නම් ඔහෙලට රැවටෙන අය නැහැ

:       0       10

Bamunuarachchi Wednesday, 22 November 2023 01:29 AM

ජනතාවට සහන දෙන්න ගිහින් තමයි රටට කෙලඋනේ. තවත් කෙලවන්නද කල්පනාව. හැබැයි ඔහේ දේශපාලනයෙන් තොලොංචි වෙනවා නම් ජනතාවට සහනයක් තියේවි.

:       0       8

Kumara Wednesday, 22 November 2023 02:01 AM

පල යන්න .ඕවට රැවටෙන්න කොල්ලෝ කෙල්ලෝ මෝඩ තකතීරුවො නෙමෙයි බන් .ඕවා ගිහින් කියපන් මයින් කපුටු පරපුරට .

:       0       8

Sisira Kumara Wednesday, 22 November 2023 02:24 AM

ඇත්තටම උවමනාවක් තිබුනානම් චන්දය දීමෙන් වැළකී සිටිනවා වෙනුවට විපක්ෂව චන්දය දෙන්න තිබුනානේ. තවමට් හදන්නේ ජනතාවව අන්දවන්නයි.

:       0       7

ගමේ එකාලා Wednesday, 22 November 2023 02:58 AM

ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ බැරි වෙච්ච් නිසා එහෙම නෙවෙයි නේ ද.

:       0       7

69...19...69...19 Wednesday, 22 November 2023 06:06 AM

ජනතාවට සහන කියන්නෙ සමුර්ධි හා අස්වැසුමට අමතරව තවත් මොනවාද. රටේ ආදායම හැමදාම සහන සදහා දීමේ විපාක තමයි දැන් රටේ ජනතාව භුක්ති විදින්නෙ. කොහොම වුනත් තමුන් රටේ පාලනය සදහා සුදුසුකම් ලබන්නේ නැහැ .මෙතෙක් කල වැරදි අතර දළදා මාළිගය අසල වාහන රේස් පැදීම තමුන්ට පුද්ගලික වනසේ විභාගයට ඉදිරිපත් වෙන්න පහසුකම් ලබාගැනීම පිය රජු ලවා චන්ද්‍රිකාවක් යැවීමට කියලා සහෝදරයා වෙනුවෙන් ජනතා මුදල් නාස්තියක් වීමට ඉඩහැරීම ,නෑදෑ බාප්ප කෙනෙක් සිදුකලා කියන ගුවන්‍ යානා ගණුදෙනු හා ඒවාට තමුන් කිසිම ප්‍රතිචාරයක් නොදීම , මෑතකදී අධිකරණය ලබාදුන් තීන්දුව ගැන නුඹ දැක්වූ ප්‍රතිචාරය පෙන්නන්න පුළුවන් .ඉතින් නුඹ රටේ රජා වුනත් කරන කටයුතු කොටියා කැලේ මාරුවුනාට කොටියගෙ පුල්ලි මැකෙන්නෙ නැහැ වගේ වෙනසක් වෙන්නෙ නැහැ

:       0       8

පිටිගල මිලානෝ Wednesday, 22 November 2023 06:50 AM

හැත්ත බුරුත්තම දේශපාලනයෙන් අයින්වෙන්න… ඒ ඇති.

:       0       9

Bamunuarachchi Wednesday, 22 November 2023 06:54 AM

අනේ තමුසෙගෙ චන්දෙ රෝල් කරලා ගහගන්නව.

:       0       10

Dilshan Wednesday, 22 November 2023 08:03 AM

Ohhhh කාලය නාස්ති කිරීමක් NR. උඹ හිතන්නේ මිනිස්සු 1990 ගණන් වල වගේ කියලද???

:       0       10

Sachith Wednesday, 22 November 2023 09:07 AM

වෙලාවකට ශ්‍රිලංකාවේ පාර්ලිමේතුව ඇමරිකාවේ එහෙම පෙන්නන්නේ නැත්තේ ,පෙන්නුවානම් එහෙම ඔස්කාර් සිනමා උළලේ ඔක්කොම සම්මාන ටික මේ ගව මඩුවේ ඉන්න ආටක නාටක සෙට් එකට තමා දෙන්න වෙන්නේ

:       0       10

Chaminda Kumara Wednesday, 22 November 2023 09:26 AM

රමණීයයි ඒ මධුර ජවනිකා..... අනේ ඔය ගොන් පාට් වලට රැවටෙන්නේ නැහැ දැන්නම්. මේවා ඔක්කොම බොරු රගපෑම්.

:       0       14

wedageWednesday, 22 November 2023 10:34 AM

නොට්ටිගේ පුතෙක් මෙයා

:       0       10

Nimal Wednesday, 22 November 2023 09:45 AM

හොරා කන තරමක් හොරා කාල අයවැයේදි චන්දය ප්‍රකාශ කිරෙමෙන් වෙලකි සිටීමෙන් පමනක් තොපේ පව් හේදෙනවද? රට කාල දැම්ම කලකන්නි.

:       0       6

ජේ ආර් ජයවර්ධන Wednesday, 22 November 2023 10:19 AM

හෙල ගැඹුරුයි දරුවා පරිස්සමෙන්

:       0       6

A Poor Citizen Wednesday, 22 November 2023 10:57 AM

වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය කළේ රාජපක්ෂ පවුල විසින් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. ඉතින් කට වහගෙන ඉන්න.

:       0       9

බෙන්තර Wednesday, 22 November 2023 12:52 PM

විශේෂයෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරැදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවද ඔහු පැවසීය. හූ හූ...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 190 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 113 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 276 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 121 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 642 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1343 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site