IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ජනාධිපති - ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකයි

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද දහවල් පැවැති  සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුනට ආණ්ඩුවේ  ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් සිදුවන අසාධාරණකම්  පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද මහ ලේකම්වරයා කීය.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා ඡන්ද ක්‍රමය සංශෝධන කිරීම , ගුරු වැටුප් විෂමතා, පොහොර ගැටළුව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව පැවැසීය.

මෙම සාකච්ඡා වෙනුවෙන් පැයක කාලයක් වෙන් කර තිබුණ ද සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක යන මහත්වරුන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගී වූ අතර ජනාධිපති සමග ජනාපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී විය.



අදහස් (5)

ජනාධිපති - ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකයි

බමුණු. Monday, 26 July 2021 03:19 PM

අනිවාර්යයෙන්ම, සාර්ථක විය යුතුයි. මොකද, ජාඩියට මූඩිය නැතුව බැහැ. මූඩියට ජාඩිය නැතුව බැහැ...

:       40       313

SUNIL MILANO Monday, 26 July 2021 03:52 PM

ජෙප්පෝ ඉතින් වාසියක් දකින ඕනම කුණු ගොඩකට කරගහනවා...

:       44       105

pradeepa Monday, 26 July 2021 04:58 PM

සීනි බෝල රසද? සද්දෙ විතරයි.., එතනට ගියාට පස්සේ කතා නෑ. ඔයා මොනවද කතා කරලා තියෙන්නේ?

:       0       130

Kule Monday, 26 July 2021 05:16 PM

සාගරට කේන්ති ගිහිල්ලා තියෙන්නේ සාකච්ඡා සාර්ථක වුණු නිසාද?

:       0       36

ganegoda Monday, 26 July 2021 06:45 PM

එදා පොහොට්ටුවේ හොරු අල්ලන්නයි කියලා වෙනම ආණ්ඩුවක් හදාගත්ත ‘‘ග්‍රාමසේවක‘‘ අද පොහොට්ටුවන් සමග ‘‘ජාඩියට මූඩිය‘‘ වෙලා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 64 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2044 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1524 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 283 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 3491 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1458 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 420 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site