ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පවසයි.
රටවල් බොහොමයක ප්රජාතන්ත්රවාදය දුර්වල වී,දේශපාලන වශයෙන් අස්ථාවර වෙද්දී, ජන අරගලයකින් පසු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වන අයුරින්, විනිවිදභාවයකින්, ඡන්ද දායකයන්ට පමණක් නොව, අපේක්ෂකයන්ටත් විශ්වාසය තැබිය හැකි ආකාරයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයටම ආදර්ශයක් බව ද යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් සෙසු රටවලට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි යැයි යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා අවධාරණය කළේය.
ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැන්චේස් අමෝර් මහතා ප්රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් සාමාජිකයෝ, පසුගිය සති කීපයේ දිවයිනේ රැඳී සිටිමින්, ජනාධිපතිවරණය පැවැත්වෙද්දී, ඡන්ද ගණන් කරද්දී සහ ප්‍රතිඵල නිකුත් කරද්දී රට පුරා යමින් ඒ සියලු කටයුතු නිරීක්ෂණය කළහ.
සැන්චේස් අමෝර් මහතා ප්රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් මෙරටට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම කළ ඇරැයුමක් පිළිගනිමිනි.
‘මමත්, යුරෝපා සංගමයේ නිරීක්ෂකයෝත් රටවල් රැසක මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල යෙදී තිබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අදාල සියලු කටයුතු ඉතාමත් සාමකාමීයි. සෙසු කලාපීය රටවල් සමඟ බලද්දී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි. බංග්ලාදේශය අද දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා. පසුගිය කාලයේ එරට මැතිවරණ පිළිබඳ ගැටලු මතු වුණා. මැතිවරණ පැවැත්වූයේ ප්රජාතන්ත්රවාදී රාමුවෙන් බැහැරවයි. ඒ නිසා අද බංග්ලාදේශය අර්බුද රැසකට මුහුණ දෙනවා. ඒ දේවල් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ’ යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා කරුණු පැහැදිලි කළේය.
පොලිස්පතිවරයකු නොමැතිව, ආරක්ෂාව තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්වීම ප්‍රසංශනීය බව නාචෝ සැන්චේස් අමෝර් වැඩි දුරටත් පැවැසිය. පැවැති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් නිර්දේශ කීපයක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමටත්, පසුව නව රජයටත් යොමු කිරීමට කටයුතු කරන බව ද සැන්චේස් අමෝර් මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ප්රචණ්ඩ ක්‍රියා ඉස්මතු වේවි යැයි දේශපාලනඥයන් සමාජ මාධ්‍ය ඔස්සේත් බියක් පතුරුවා තිබුණත්, තමන් ප්රමුඛ තම නිරීක්ෂකයන් කණ්ඩායම ද එවැනි තත්ත්වයක් අපේක්ෂා කළත්, එවැනි තත්ත්වයක් උදා නොවුණු බව සැන්චේස් අමෝර් මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන වාර්තාවට නිර්දේශ සහ යෝජනා කීපයක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ද සැන්චේස් අමෝර් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
‘අප නිර්දේශ කීපයක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අප මාසයකින් පමණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නැයි අප බල කරන්නේ නැහැ. නමුත් මට විශ්වාසයි නව රජය සහ මැතිවරණ කොමාසම ඒ ගැන අවධානය යොමු කරාවි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු සහභාගී වුණා. සමහර අපේකේෂකයන් මැතිවරණ රැළිවලට පවා සහභාගී වුණේ නැහැ. අනවශ්‍ය විදියට අපේක්ෂකයන් ඉදිරිපත් වීම අනවශ්‍ය වියදමක් ලෙස අප දකිනවා. ආර්ථික අභියෝග මැද ජනාධිපතිවරණයක් පැවැත්වූ ශ්‍රී ලංකාව වැනි රටකට එය බරක්. එපමණක් නොවෙයි. කාන්තා අපේක්ෂකයන් කිසිවකු සිටියේ නැහැ. ඒ ගැන අප කනස්සල්ල පළ කළ කරනවා’ යැයි ද සැන්චේස් අමෝර් මහතා පෙන්වා දුන්නේය.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
Ravindra Monday, 23 September 2024 04:03 PM
සෑහෙන කාලෙකින් ලෝකයේ රටවල් අපිව ඇගයීමකට ලක්කළා. නියමයි.
de silva Monday, 23 September 2024 04:03 PM
තරගේ තිබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා අතරේ පමණක් කියලා තේරුම් ගන්න තරම් නුවණක් කන්තාවන්ට තිබෙන නිසා ඔවුන් රටේ සල්ලිත්, තමන්ගේ කාලය සහ මුදලුත් ඉතුරු කරගෙන කාටවත් කරදර නොකර පැත්තකට වෙලා හිටියා...
ගමේ එකාලා Monday, 23 September 2024 05:00 PM
රටේ පොලිස්පතියෙක් නැතුව සාමකාමීව ඡන්දේ කෙරුවා. පොලිස්පතිවරයා ගේන්න කියපු අයට දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඇති...
Kamal Koyrala Monday, 23 September 2024 05:15 PM
මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සුදුසුකම් හා පොලිස් වාර්තා කැඳවන්න ඕනෑ. එමෙන්ම ඇප මුදල කෝටි 5 දක්වා වැඩිකළ යුතුයි. එවිට නිකමුන් ඉල්ලන්නේ නැහැ.
swene Tuesday, 24 September 2024 06:13 AM
දේශ බන්දුවා හිටියනම් මැතිවරණය ද දූෂනය වෙන්න තිබුනා