IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ජනාධිපතිවරුන් නඩත්තුවට ලක්ෂ 1100 ක බජට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ )

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනා සහ   හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ  නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන්  රුපියල් ලක්ෂ 1100 ක් ලබන වසරේදී වෙන් කිරීමට 2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ලබන වර්ෂයේදී   වැය කිරීමට අපේක්ෂා කරන මුදල  2022 වර්ෂයට සාපේක්ෂව  සියයට 45 ක පමණ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ,  ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 292 බැගින්ද  චන්ද්‍රිකා  බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය  වෙනුවෙන් රුපියල් ලක්ෂ 157ක්ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්ෂ  68ක්ද ලබන වසරේදී වෙන් කෙරෙන බව මහාචාර්යවරයා කීවේය.

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ  ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට 2022 වර්ෂයේ අයවැයෙන්    පොදුවේ වෙන්කර ඇත්තේ  රුපියල් ලක්ෂ 757 ක මුදලකි.

මේ වර්ෂයේදී එම මුදල ලක්ෂ 844 ක් දක්වා  ඉහළ ගොස් ඇති බව පවසන  වසන්ත අතුකෝරළ මහතා  හිටපු ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදල  ලබන වර්ෂයේදී   ලක්ෂ 1100 ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ගුරුවරුන්ගේ වැටුප ලබන වසරේදී  වැඩි වන්නේ  සියයට 14  කින් පමණක් බවද  මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.



අදහස් (18)

ජනාධිපතිවරුන් නඩත්තුවට ලක්ෂ 1100 ක බජට්ටුවක්

Bandula Saturday, 25 November 2023 12:50 PM

මේක ලංකාවට සාපයක් වෙලා භත්වලාමේ...!

:       4       62

Sugath Dissanayaka Saturday, 25 November 2023 01:11 PM

හිටපු ජනාධිපතිවරුන් සිවු දෙනාට සහ ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මියට සියයට 45ක වැඩිවීමක්. ගුරුවරුන්ගේ වැටුප වැඩි වන්නේ සියයට 14 කි.

:       7       40

චන්දන Saturday, 25 November 2023 01:13 PM

මේක අනාගතයේ දී ප්‍රශ්නයක්. ජනාධිපතිවරු වැඩි වෙනවා... වියදම් වැඩි වෙනවා. දවසක ආරක්ෂක වියදමත් ඉක්මවාවි මෙයාලාගේ වියදම. මේක වහාම නැවැත්විය යුතුයි. අවශ්‍ය නම් අනෙකුත් රාජ්‍ය සේවකයින්ට වගේ විශ්‍රාම වැටුපක් දුන්නාම ඇති...!

:       5       56

සිල්වා Saturday, 25 November 2023 01:34 PM

කිසි කෙනෙකුටවත් පඩි වැඩිවීම් අවශ්‍ය නැහැ. පඩි වැඩිකරන්න බදු වැඩි කරලා මහජනතාව පීඩාවට පත් නොකරන්න. කරනවා නම් එක් වරක් පමණක් දීමනාවක් ගෙවා සියලුම ගෙවීම් අවසන් කරන ක්‍රමයක් හඳුන්වා දෙන්න.

:       5       36

Chandima Saturday, 25 November 2023 01:48 PM

දැන් බලාගෙන ගියාම රට බංකොළොත් කරපු උත්තමයින්ටත් පෙන්ෂන් ගෙවන්න වෙලානේ...! තව ටික කාලෙකින් පඹයින්ටත් පෙන්ෂන් දෙන්න වෙයි...

:       2       29

Dharmatileke Saturday, 25 November 2023 01:51 PM

පාරට බහින්න වෙලාව ඇවිත් තියෙන්නේ, ඔය හතරෙන් දෙන්නෙක් රට බංකොළොත් කෙරුවා... ඒ අයට අපේ බදු සල්ලි දෙන්නේ කොහොමද? පිටිසර මිනිස්සු කිලෝමීටර 4, 5 යනවා... වතුර කළයක් ගේන්නේ. ඒ මිනිස්සුන්ගේ වරමින් තනතුරු අරගෙන මේ වගේ සල්ලි අරන් පහසුකම් විඳින්නේ මොනතරම් ලැජ්ජාවක්ද? අවසානයේ තීන්දුව දෙන්නේ සොබාදහමයි... මතක තියාගන්න.

:       4       37

Rata Perata Saturday, 25 November 2023 02:09 PM

මේ විහිළු ළඟදීම ඉවර වෙනවා. මොවුන්ගේ බෙදාගැනිල්ල කොච්චරද කියලා පේනවනේ? අනිත් එක සේවය අත්හැර ගිය ගෝඨාභයට කොහොමද දීමනා දෙන්නේ... මොවුන්ගේ වැඩවලදී නීති මොනවත් නෑ. සාමාන්‍ය මනුස්සයෙක් අර්ථ සාධකේ ගන්න ගියත් අවුරුද්දක් විතර බඩගාන්න ඕනෑ.

:       4       34

Ruwan Saturday, 25 November 2023 04:19 PM

හිටපු ජනාධිපතිවරුන්ට අයවැයෙන් වෙන්කරනවට විරුද්ධව.. ජවිපෙ ගෙනාපු යෝජනාවට ඡන්දෙ දෙන්න හිටියේ ඒ තුන්දෙනා විතරයි... සජිතුත් මාරුවෙලා ගියා..

:       1       30

චන්දිම Saturday, 25 November 2023 04:36 PM

රටේ දුක් විඳලා ඉගෙනගෙන යම් උගත් කමක් තුළින් රැකියාවක් කරලා හම්බ කරන මිනිස්සුන්ගේ පඩියෙන් බලහත් කාරයෙන් බදු කියල විශාල හුරාකෑමක් කරනවා.... කිව්වේ අවුරුද්දක් විතරයි එහෙම ගන්නේ කියලා. දැන් අවුරුද්ද පහුවෙලා මදිවට අයකර ගන්නවයි කියපු මුදල් ප්‍රමාණයත් ඉක්මවා ගිහින් හුරගෙන ගිහින් මදිවට සද්ද නැතුව තවත් දිගටම කපාගෙන යනවා. ඒ වගේම අදායමක් නැතුව බොහෝම අමාරුවෙන් ජිවත් වෙන මිනිස්සුන්ගෙන්ම තමයි වැට් බදු, අර බදු, මේ බදු කියකියා මුදල් හූරාගන්නේ. ජලාශ වැහි වතුරින් පිරිලා, උතුරලා ගියත් විදුලිය භාරව ඉන්න මිනිහා හැමදාම කියන්නේ ඒකෙන් බිලියන අච්චර පාඩුයි, මෙච්චර පාඩුයි බිල හැමදාම නග්ගන්න ඕනැයි කියලා. ජාවාරම් කාරයින්ගෙන් එළවලා ගිහින් බදු අයකර ගන්නේ නැහැ. මේ ඔක්කෝම ජරා වැඩකරලා මහ ලොකුවට අන්තිමට රට හදන්නයි කියලා එකතුකර ගන්න සල්ලි ටික මේ වගේ මිනිස් වෙසින් ජීවත්ව ඉන්න මළගිය පෙරේතයින්ට දොළ පිදේනි දෙන්න විශාල කොටසක් වෙන් කරනවා. කතා කළොත් අර ළඟදී මොකද්ද බහුබූත පොතක් ලියපු ආර්ථික ඔස්තාරයා කියන්නේ ආපෝ ඒක මේ සුළු වියදමක්නේ ගණන් ගන්න එපා කියලා. මේක නම් මහ කාලකන්නි රටක් වෙලා. මොන යකාටද මේ අවනඩුව කියන්නේ...?

:       1       17

ගමේ එකාලා. Saturday, 25 November 2023 05:54 PM

බලයේ හිටපු කාලෙත් හොඳටම හොරාකාලා සැප වින්දා. පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගත්තා. තවත් මොකටද දූෂිතයින්ව නඩත්තු කරන්නේ? සමහර දූෂිත පවුල් පාලනේ බලලෝභී කාලකන්නි දේශපාලුවෝ රටට කරපු විනාසේ හැටියට වෙන රටක නම් මේ වෙනකොට හිරේ දාලා...

:       0       16

dhamneth Saturday, 25 November 2023 06:28 PM

පසුගියදා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිව්වා හිටපු ජනාධිපතිවරු නැවත මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කළ යුතුයි. ඒක හොඳ යෝජනාවක්. පාර්ලිමේන්තුවේ සිටින හිටපු ජනාධිපතිවරුන්ට දිය යුත්තේ එක වැටුපයි.

:       0       21

de silva Saturday, 25 November 2023 08:15 PM

විශ්‍රාමගිය ජනාධිපති කෙනෙකුට තමාගේ නිවසක් නොමැති නම් පමණක් රජයෙන් නිවසක් දෙන්න.. අනිත් කරණය ඔහු හෝ ඇය විශ්‍රාම ගොස් සිටින නිසා මෙම නිවාස අනිවාර්යයෙන්ම කොළඹ 7 තිබෙන්න අවශ්‍ය නැහැ.. ජනාධිපතිවරණයට ඔහු ඡන්දෙ ඉල්ලූ දිස්ත්‍රික්කය තුළ නිවාස දෙන්න...

:       1       22

රට පෙරට Monday, 27 November 2023 08:23 AM

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට සුදුසුකම් රාශියක් තියෙනවා ඉතින් එහෙම කෙනෙකුට නිවසක් නැතිවෙන්න කිසිම හේතුවක් නැහැ ලංකාවෙ රජයෙන් නඩත්තු කරන වැඩිහිටි නිවාස නැත්නම් ජ්‍යේෂ්ඨ පුරවැසියන් සදහා නිවාස තියෙනවා සමහර රටවල වගේ ලංකාවෙ විශ්‍රාම ගත් ජනාධිපතිවරුන්ට ඒවායේ ඉන්න බැරිවෙන්න බැහැ එහෙම කලොත් ඔවුන්ට අවසන් කාලයේ හෝ තේරුම් ගන්න පුළුවන් වේවි තම තමන් මෙතෙක් කාලයක් කලේම නොහොබිනා දේවල් කියලා

:       0       0

chathuri Sunday, 26 November 2023 01:53 AM

ඔය නාකි නඩේ. හොරා කාපුවා මදි නිසාද. මේ තරම් මුදලක් දීලා නඩත්තු කරන්නෙ ඔවුන්ට ලාඩන් ගහලා. දත් සෙට්ටක දාලා. පන්සලක් ලගින්. කාමර කෑල්ලක් අරන් දෙන්න නැතිනම් හමාස්ලට භාර දෙන්න මේ වගේ . උන්ව. භා ර දෙන්න ඕන නඩත්තු කරන්න. මුන්ගෙ වගේම පපුවක් තියෙන උන්ට කුලියට මිනි මරලා. දැන්. නඩත්තු කරනවා. ජනතාව බඩ ගින්නෙ. රනිල් එලවලා අනුර කුමාර ගේනාවම බලා ගන්න පුලුවන්. කොහොමද රගේ කියලා. හිර කූඩුවේ ඉන්න ඕන. උන් ටික. රනිල් ව තමයි රට පෙරලුන ගමන් අත් අඩංගුවට ගන්න ඕන

:       0       0

Nadadawa withanage sisira kumara Sunday, 26 November 2023 06:04 AM

අපි තවත් බදු වැඩි කරලා ඔහුනට සහනයක් වෙමු

:       0       0

Kazi Shajahan Sunday, 26 November 2023 10:23 AM

NPP ආණ්ඩුවක් එන්නම ඕන මේ වගේ වියදම් නැති කරලා දාන්න

:       0       0

fairoos Sunday, 26 November 2023 12:51 PM

මෙයාලාට නම් හොඳක් සිදුවෙන්නේ නෑ. අනිත් අයට නම් කමක් නෑ කියමුකෝ.. රට නන්නත්තාර කළ අයට මොනවටද දෙන්නේ...! 

:       0       0

අබිලින් Sunday, 26 November 2023 05:04 PM

තවමත් සේවයේ සිටිමින් රජයේ වැටුප් ගන්නා දෙදෙනෙකුට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මොකටද? එනිසා මෙතෙක් ගෙවූ සියලු මුදල් ආපසු ගත යුතුය ඉදිරියටත් නොගෙවිය යුතුයි කාටවත් වැටුප් හා දීමනා දෙවරක් ගෙවීම ජනතා මුදල් නාස්ති කිරීමක් කියන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1169 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1392 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 89 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 881 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 387 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1248 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39488 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site