ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා(18) ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය අද පැවසීය.
රාත්‍රී 8.30ට ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ එය ප්‍රචාරය වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
(16844)
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති 18 වැනිදා ජාතිය අමතයි
දොලේවත්ත Sunday, 15 November 2020 10:31 AM
අත්තාහි අත්තනෝ නාථෝ... එපමණයි...!!!
sena Sunday, 15 November 2020 10:32 AM
අනේ වාසනාවන්... තව මොනවගේ හරි මිල අඩුවේවි...
Jude Sunday, 15 November 2020 10:46 AM
19 වැනිදා ඉඳන් පරිප්පුයි, සැමනුයි අඩුවේවි..!!!
සෑම් Sunday, 15 November 2020 11:15 AM
නොදකින් කට වහගෙන ඉන්න, අවුරුද්දක් කරපු හරිය අපි දැක්කා. කාලා ඉන්න බැරුව ඉන්නේ...
බම්බුආරච්චි Sunday, 15 November 2020 11:39 AM
ඔබතුමා කතාකරන විට රටේ නායකයා විදිහට එක භාෂාවකින් කතා කරනවා නම් හොඳයි.
රසික Sunday, 15 November 2020 11:53 AM
සර් පැනික් වෙන්න එහෙම එපා.. මිනිස්සුන්ට හොඳට බනින්න. එතකොට හරියට හරි. සර් ෆේල් නෑ.. අපි තමයි ෆේල්.
Puppa Sunday, 15 November 2020 12:03 PM
රටට අලුත්ම විහිලු සපයන්නා. සිරාගේ රෙකෝඩ් එක දැනටමත් කඩලා ඉවරයි...
De Sunday, 15 November 2020 01:05 PM
ඔබට සදා ජය... සැමන්, පරිප්පු මිල අඩුකළොත් පින්...!!!
danny Sunday, 15 November 2020 02:24 PM
අපිත් මේ අමතන ගමන් ඉන්නේ... බයියන් නම් හොයාගන්නත් නෑ මේ ටිකේ...
බමුණු පියා Sunday, 15 November 2020 03:00 PM
පුළුවන් නම් පහත කරුණු ගැනත් කතා කරන්න. සාඩින් පරිප්පු මිල නියම කිරීම... හාල් මෝල් හිමියන් ඉදිරියේ දණ නැමීම... පොල් මනින මිල සුත්‍රය සයින්දුමරුදු ගැසට් එක... ඉතිහාසය නොවූ විරූ වන විනාශය රුපියල් මිලියන 800ක් වියදම් කර ගල්කිස්ස වෙරළ තීරය ගොඩ කිරීම කටින් චක්‍රලේඛ ගහන හැටි රටම වැඩබිමක් කරමු කියා මිනිස්සුන්ට වැඩට යන්න බස් නැති වීම පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය හේතුවක් නැතුව ඍණ වීම... ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල නැති කිරීම මිල සුත්‍රය අහෝසි කර පෙට්‍රල් සුපිරි මිලකට ලබාදීම ඡන්ද පොරොන්දුවක් වූ රුපියල් 3000 බඩු මල්ල අමතක වීම... සියලු පුද්ගල නීති අහෝසි කර එක නීතියක් කිරීම අමතක වීම... ඖෂධ මාෆියාව නැතිකිරීම කෙසේවෙතත්... පිළිකා රෝහලේ බෙහෙත් නැතිවීම ද්විතීක වෙළෙඳපලේ ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර බැඳුම්කර වල සීඝ්‍ර මිල පහළ යෑම... මට මතක මෙච්චරයි තව කරපුවා ගොඩායි...
pradeepa Sunday, 15 November 2020 03:01 PM
අපේ සර් තවත් මොනවා කතා කරන්නද තියෙන්නේ? මමත් ඔබට ඡන්දය දුන්නා. වැඩක් නැහැ. අපිට සතුටු නැහැ.. ඔබතුමාගේ වැඩ ගැන. අපිට ලැජ්ජයි කියන්න ඔබතුමා ෆේල්..
K Perera Sunday, 15 November 2020 03:40 PM
දැන් නම් අපිට ඇතිවෙලා ඉන්නේ..!!! තවත් මොනවා අමතන්නද? මොකක් ගැනද? බඩුමිල ගැනද? එක රටක් .. එක නීතියක් ගැනද? නැතිනම් කොරෝනාව ගැනද?
liyanage Sunday, 15 November 2020 04:54 PM
ජනපති 18 වැනිදා ජාතිය අමතා කියාවි කොරෝනා නිසා රටේ ආර්ථික අමාරුකම් නිසා ඇතිව තිබෙන ගැටළුවලට විසඳුම් ලබාදීමට තව වසරක් පමණ ගතවේවි.. රටේ ප්‍රධන නගර ආර්ථික මර්මස්ථාන, වරාය වැනි ආයතන 25%ක් පමණ ධාරිතාවයකින් ක්‍රියාත්මක වන බවත්, සමහරවිට ඉදිරියේදී ලොක් ඩවුන් කිරීමට සිදුවේවි. එමෙන්ම කොරෝනා සඳහා එන්නත ලෝකයේ බලවත් රටවල් මේ වනවිටත් ඇනවුම් ලබාදී ඇතිබව සහ නමුත් ලංකාවට ලබාගැනීමට තිබෙන්නා වූ ආර්ථික අපහසුතා රජයට මේ සඳහා මැදිහත්වීමට තිබෙන්නා වූ අපහසුතා මෙන්ම රජයේ සේවකයන්ගේ දුර්වලතා මෙන්ම වසරක් පමණ ජනතාවට ආර්ථික අමාරුකම් තියේවි. මෙකී නොකී බොහෝ දේ ජනාධිපතිවරයා ජන ගත කරාවි. මේ සියල්ලම කරනුයේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් බව නිසැකවම එතුමාට කීමට සිදුවේ...
pradeepa Tuesday, 17 November 2020 05:40 AM
ඔයාලා බයවෙලා ... , බයවෙන්න එපා .. ඒ වගේම හැංගෙන්නත් එපා අපි හැමදාම ඔබ සමගයි