IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ජනපති අගමැති ඉවත් වුණොත් එකඟතාවයකට සුදානම්‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වුවහොත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය.

.රට විනාශ කළ අර්බුදයේ උරුමකරුවන් මුලසුනේ තබාගෙන හදන සර්ව පාක්ෂික ආණ්ඩුවලට සූදානම් නැතැයි ද අනුර දිසානායක මහතා වැඩිදුරටත් කීය.

වර්තමානයේ  පැමිණ ඇත්තේ වෙස්වලා ගත් ආශිර්වාදයක් බව මුදල් ඇමැති පැවැසූ බවත් මෙය වෙස්වලා ගත් මාරාන්තික ආශිර්වාදයක් වන අතර  වෙස් වලාගෙන වත් මෙවැනි ආශිර්වාද නොපැමිණේවා යි ප්‍රාර්ථනා කරන බවද අනුර දිසානායක මහතා කීය.

වත්මන් අර්බුදයට කරුණු පහක් මූලික වී ඇතැයි ද හීන වෙමින් තිබෙන ආදායම් පංගුව වැඩි කර ගැනීමට සැලසුමක් නොතිබීම, ආනයන අපනයන පරතරය විසඳාගැනීමට දැක්මක් නොතිබීම, ජන ජීවිතය සමඟ බැඳුණු සංවර්ධන මාවතකට අසමත් වීම මෙන්ම රටේ නිෂ්පාදන කර්මාන්ත ගොඩනැංවීම සඳහා කිසිදු සැලැස්මක් නොතිබීම නිසා රට ආගාධයට ගොස් තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

එමෙන්ම රටේ ජාතික නිෂ්පාදනය  සාධාරණ ලෙස බෙදෙන්නේ නැතැයි ද රටේ ඉහළම 10% ජාතික ධනයෙන් 38% ක් භුක්ති විඳින අතර පහලම 10% ජාතික ධනයෙන් භුක්ති විදින්නේ සියයට එකක් පමණක් බවද අනුර දිසානායක මහතා කීය.

 



අදහස් (13)

‘ජනපති අගමැති ඉවත් වුණොත් එකඟතාවයකට සුදානම්‘

ජගත් ලියනගේ Wednesday, 04 May 2022 02:59 PM

තාවකාලික රජයක ජනාධිපති අනුර කුමාරත්, අගමැති සහ මුදල් ඇමැති හර්ෂ ද සිල්වාත් විය යුතුයි .

:       37       82

SUNIL MILANO Wednesday, 04 May 2022 02:59 PM

මේ අපතයන්ගේ උදවු නම් නිකන් වත් ගන්න එපා

:       97       39

Rata PerataWednesday, 04 May 2022 04:04 PM

රට ගිහින් ඉන්න අයගේ අදහස් වැඩක්ම නැහැ කොහොමත්... අපේ වැඩ අපි බලාගන්නම්...!

:       10       32

රටවැසියාWednesday, 04 May 2022 06:22 PM

මෙයින් පෙන්නා දෙන්නේ.. ළිඳේ ඉන්න මැඩියත් මුළු ලෝකෙ ගැනම නොදන්නවා වුණාට, ළිඳේ දිග, පළල, ගැඹුර හොඳට දන්නා බවයි..!!! හැබැයි ළිඳේ උල්පත ඉඩෝරයට හිඳිලා ගියාම මැඩියාට මොකද වෙන්නේ කියලා මැඬියාම දන්නේ නැහැ!. ළිඳේ ඉන්න මැඩියා කෑගහනවා දිව ගිලෙනකම්ම.. මොකද ළිඳෙන් උඩ පරිසර ලෝකයක් කවදාකවත්ම දැකලා නැති නිසා...! අන්තිමට මැඬියා ඉඩෝරයටම ඒ ළිඳේම චුත වෙනවා! ඒ වගේ තත්වයක් රටට උදාවෙන්න යන නිසයි එපා කීවේ..! මොකද 3% යි නේද?

:       6       17

චන්දන Wednesday, 04 May 2022 03:03 PM

ඔක්කෙටම කලින් රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගනිල්ලා . ඊට පස්සේ ඡන්ද තියලා ඕන එකෙකු ට රජ වෙන්න පුළුවන් . ජවිපෙ එකඟතාව ට ආව කියල ඇලඩින්ගෙ පහන පහල වෙන්නේ නැහැ . එයාල ට ලෝක නායකයන්ගේ පැහැදීමක් නැහැ. ලෝක බලවතුන් ගෙ උදව් නැතිව ගොඩ එන්න පුළුවන් කියල දැන් හිතනවා නම් පිස්සෙක් .

:       73       52

sharm warnWednesday, 04 May 2022 03:52 PM

ප්‍රපාතයෙන් ගොඩගන්න තමයි අනුර කියන්නේ.. ප්‍රපාතයට ඇදලා දාපු අයව මූලාසනේ තියාගෙන කරන්න බැහැ කියලා. තේරුම් ගන්නකෝ දෙයියනේ..

:       25       60

pakeer Wednesday, 04 May 2022 03:21 PM

එමෙන්ම රටේ ජාතික නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදෙන්නේ නැතැයි ද රටේ ඉහළම 10% ජාතික ධනයෙන් 38% ක් භුක්ති විඳින අතර පහලම 10% ජාතික ධනයෙන් භුක්ති විදින්නේ සියයට එකක් පමණක් බවද අනුර දිසානායක මහතා කීය.මේක තමයි ඇත්ත කතාව .මෙය නිවැරදි කල යුතුමයි .එහෙම කරා නම් ඔය මගඩි ගොඩක් නවතිනවා

:       13       64

සේනක ඉතාලිය Wednesday, 04 May 2022 04:56 PM

රටේ ජනතාව ගැන හිතලා ගත්තු තීරණයට පළමුව හදපිරි ප්‍රණාමය. දෙසිය විසිපහම එපා කියන මොහොතේ වැඩක් කරලා පෙන්වමු. අවුරුදු හැත්තෑ හතරක් මේ රට විනාශ කරපු දෙශපාලන කාළකන්නි හවුල් නොවන සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඔබලාගේ මූලිකත්වයෙන් නියෝජනය වන පරිදි පිහිටුවන්න කියා ඉල්ලා සිටිමු...!

:       14       31

රටවැසියාWednesday, 04 May 2022 07:56 PM

සේනක... ඔබ ඉතාලියේ ඉඳලා ලියපු ඔබගේ සටහන ගැන මට හරිම පුදුමයි ...! 225ම එපා කියලා ඊළඟට කවුද ඒ වෙනුවට ඒ තැන ගන්න ඉන්නේ...! ගහකින් වැටුණු ඇටෙන්ම තමයි ඒ වර්ගයේම පැළයක් ගහ යටම හැදෙන්නේ...! කෙටියෙන්ම කීවොත් කොස් ඇටයකින් හැදෙන්නේ කොස් පැළයකි... දෙල් නොවේ..! අනික අද අපේ රට දුවන්නේ " ඩොලර් " වලිනි. නැතුව රුපියල් වලින් නොවේ..! ඔබ "යූරෝ" දිනපතා අතපත ගෑවද රුපියලේ වාසිය බලලා අදහස් නොලියන්න! ඔබට දැනෙන භාෂාවෙන් ලිව්වොත් ! අධිවේගී මාර්ගයේ පුහුණුවන රියැදුරෙකුට තනියම වාහනයක් ඉතා වේගයෙන් එළවන්න ඉතාලියේ ඉඩදෙනවද..?

:       0       0

mp Wednesday, 04 May 2022 04:58 PM

3%...!

:       28       19

SUNIL MILANO Wednesday, 04 May 2022 05:48 PM

මේ අයගේ මුහුණු දැක්කාම 60 ක් විතර අනින්න හිතෙන්නේ මට විතරද?

:       37       22

darme Wednesday, 04 May 2022 07:20 PM

අපොයි ඔබතුමාට ඕන රටට වරදිනවා බලන්න. ජනාධිපති කවුරු වුණත් එයා ගියාම කවුද ව්‍යවස්ථාව අනුව සේනාධිනායක... බොර දියේ මාළු නොබා රට වෙනුවෙන් වැඩක් කරන්න. නැත්නම් නිස්සංක එක්ක විවාදෙකට යන්නකෝ...!

:       19       16

Bamunuarachchi Thursday, 05 May 2022 01:01 PM

මොකක්ද එකඟතාවය? 225ට යන්නලු. ඉතින් ඔබලත් යායුතුයි. ඔබලා නැවත එනවා නම් රාජපක්ෂලාත් නැවත ඒවි. ඒකට කාගේ තහනමක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 150 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 14 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 851 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 248 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 534 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 328 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site