IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇතැයිද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර පහක් සම්පූර්ණ කර ඇත්නම් ඔහුට මන්ත්‍රී විශ්‍රාම වැටුප හිමිවන අතර ඔහු විශ්‍රාම ගිය පසු ජනාධිපති ධුරයේ විශ්‍රාම වැටුපද හිමිවන්නේය.

මේ ආකාරයට තමාට විශ්‍රාම වැටුප් දෙකක් අවශ්‍ය නැති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 21 වැනිදා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයකු ලෙස ලැබෙන විශ්‍රාම වැඩුප ඉවත් කරන ලෙස අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියකින්ද ඒ බව දැනුම් දී ඇත.

එම ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරිය එහි මූල්‍ය අධ්‍යක්ෂවරයාට යොමු කර ඇත.

 



අදහස් (30)

ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ

Neel Monday, 24 March 2025 08:24 AM

ආදර්ශයමත් නායකයෙක්. ජය වේවා.

:       136       100

Sujith pallewatte Monday, 24 March 2025 12:50 PM

කපා හරින කල් එය ලබාගැනීම හොඳ ආදර්ශයක්තමා.මෙවැනි නායකයෙක් බිහිවෙන්නේ අවුරුදු 76කට එක වතාවයි..

:       67       27

saman Monday, 24 March 2025 06:02 PM

මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම වැටුපෙන් ගොවියකුට එක කන්නයකට පොහොරවත් ගැනීමට නොහැක. එම නිසා JVP බොළඳ දේශපාලනය මත කටයුතු කළ නොහැකිය.

:       10       57

JanahithaMonday, 24 March 2025 08:55 PM

හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ළඟදි ගමේ ගියෙයි ඔහේ...

:       2       1

පම්පෝරි ජනක Monday, 24 March 2025 08:37 AM

ඔයා විතරක් කපාගෙන හරියන්නේ නැහැනේ , නීතියක් ගෙනල්ල ,අර නාස්තිකාර අප්පච්චිගෙයි , අල්ජසීරා මැති තුමාගෙයි ඒවත් කපල දාන්න , සමහරවිට අර පොළොන්නරුවේ ගමරාලත් තවම ගන්නවා ඇති

:       23       103

sakraMonday, 24 March 2025 12:04 PM

පම්පෝරි ජනක නොදන්නා දේ කියවන්න ගියාම නිකන් කිච වෙනවා. ඔයා කියන සීයා 1977 ඉඳන් මේ වෙනකන් වැටුපක් හෝ වාහන බලපත්‍ර අරගෙන නැහැ. ඒ වගේම සිරිමාවෝ මැතිණියත් වැටුප් අරගෙන නැහැ. තමන්ට ලැබෙන වැටුප් දෙකෙන් එකක් ප්‍රතික්ෂේප කිරීම අගය කල යුතුයි. ඒ වගේම කිසිමදාක වැටුපක් හෝ වාහන බලපත්‍ර ලබා නොගැනීම ඊටත් වඩා අගය කළ යුත්තක් බව නොවැටහෙන්නේ කුහකකම ඇඟ පුරාම ඇති විටයි...

:       7       68

ලලනි Monday, 24 March 2025 09:00 AM

අර මන්ද මානසික යෝග කියන මනුස්සය දං මේකටත් කියාවි ෂෝ එකක් කියල.

:       56       63

රම්බොඩ Monday, 24 March 2025 09:39 AM

ඒක නම් විශිෂ්ඨ ආදර්ශයක් . බලාපොරොත්තු තබාගතහැකි නායකයෙක් වග පෙන්වීමක්. කලබල නොවී බලා සිටිමු.

:       38       79

අරවින්ද මොණරවිල Monday, 24 March 2025 09:48 AM

දැන් ස.ජ.බ. පොහොට්ටු බයියෝ වැලලෙන්න හදන්න එපා ඕවත් වැඩද කියලා.....

:       33       73

Mohan Mangala Mapa Monday, 24 March 2025 10:21 AM

ඔබ අපට අඩම්බර නායකයෙකි!

:       28       72

යෝගා Monday, 24 March 2025 10:57 AM

1994 ඉඳන් අවුරුදු 30ක් වැටුප් ගන්නවා. විශ්‍රාම වැටුප් ගත්තා. පහුගිය මාස 6 විශ්‍රාම වැටුපයි, ජනාධිපති වැටුපයි දෙකම ගත්තා. පුංචි ඡන්දේ කිට්ටු වුණාම ජනතාව අන්දන්න හදනවා. ගෝඨාභය ජනාධිපති විදියට කිසිම වැටුපක් ගත්තේ නෑ. මේ සංදර්ශන වලට ඇන්දෙන අය දැක්කාම පුදුමයි.

:       34       86

ගුණරත්න Monday, 24 March 2025 11:18 AM

ඉතින් අපට පාන් ද? මුන්ගේ පක්‍ෂය ඔක්කොම වියදම් දරනකොට පඩි දෙකක් ඕන නැහැ තමයි. ලංකාවේ පොහොසත්ම පක්‍ෂය තමයි මේ.

:       41       59

Malika Monday, 24 March 2025 11:41 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබතුමා ක්‍රියාවෙන් පෙන්වා දුන්නා.

:       44       30

Sameera Monday, 24 March 2025 12:08 PM

ගැලරිය පිනවන්ට කරන ධාතු වැඩ! 1) පලාත් සභා අහෝසි කිරිම 2) Sri Lankan ඇතළු අලාභ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ පුද්ගලික අංශය සමග ඒකාබද්ධ කිරිම 3) තාක්ෂණික සහා පුද්ගලික විද්‍යාල ආරම්භ කිරිම! කෘෂි තාක්ෂණික පිඨයන් ඇතිකිරීම! 4) සැම ලියාපදිංචි පක්ෂයක් සදහාම අරමුදල් පරිත්‍යාග කිරිම විගණනය කිරිම! 5) පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 100 අඩුකිරීම හා අවම වැටුප මිලියන 1.5 සහා සියලුම වරප්‍රසාද ඉවත් කිරිම 6) විද්‍යුත් රාජ්‍ය සේවයක් 7) ඉන්දියානු හා චින ආනයනයන් අධෛර්යමත් කිරිම 8) O/L සහා A/L අහෝසිකොට ටියුෂන් සංස්කෘතිකය අධෛර්යමත් කිරිම 9) අධ්‍යාපන මාධ්‍ය ලෙස English 100% ඇති කිරිම 10) ඒක රටක් ඒක නිතියක්! 30000ක් කපා හැරලා රටක් දියුණු කරන්න බැ! ජනාධිපතිතුමාට ජන්දේට මිලියන කියක් ලැබුනද? කියක් වියදම් කලාද? ඒතොකට රටවැසියන්ට වැටෙහෙවි පඩිය කියන්නේ කරුමය කියලා!

:       21       22

sakra Monday, 24 March 2025 12:10 PM

මම ජොබ් එක පටන්ගත්තු දවසේ ඉඳලම වැටුප ගත්තේ නැහැ . හැම මාසෙම ඒ වැටුප අපේ අම්මාගේ ගිණුමට තමයි වැටුප් අංශයෙන් ගෙවන්නේ . පස්සේ මම අම්මාගෙන් ටික ටික එම මුදල් ඉල්ලා ගන්නවා.එත් සමහරු කියනවා මම වැටුප් ගන්නවා කියලා. ඒ බොරු නේද යාලුවනේ ?

:       16       78

Roshan Monday, 24 March 2025 12:32 PM

ජනාධිපති විශ්‍රාම වැටුප එපා කියලා මන්ත්‍රී වැටුප ගත්තා නම් මොකද? එහෙම බෑනේ... ඒකෙන් ලැබෙන ගාන අඩුයිනේ නේද?

:       16       59

m. saman perera Monday, 24 March 2025 12:42 PM

හොඳ තීරණයක් ජනාධිපති තුමනි නමුත් මිනිස්සු කැමති හොරුන්ට බොරුවෙන් ජිවත් වෙන එවුන්ට

:       59       18

Asela Monday, 24 March 2025 02:28 PM

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ධාරිතාවය කුමක්දැයි කවුරුත් දනිති. ඔහු එහි සිටීද නැද්ද යන්න තේරුමක් නැත. අනාගතයේදී නිසැකවම වසර 5 ක් රට පසුපසට ගෙන යාම සිදුවනු ඇත. මේ රටේ වරින් වර පැහැදිලි සංවර්ධනයක් නොමැතිව ජනප්‍රිය රැවටිලිකාර ඡන්ද දායකයින් විසින් ජනාධිපති ලෙස තේරී පත් කරන ලද මෝඩයන් සිටිති. මෛත්‍රී සහ අනුර ලැයිස්තුවේ ඉහළින්ම සිටිනු ඇත.

:       7       70

Nimal Monday, 24 March 2025 02:29 PM

මෙතන ශෝස්ත්‍ර කියලා වැළලෙන අයට කියන්නේ. අනුර ඇත්තටම කියපු එක හොඳට අහලා බලන්න. ඇත්තටම අනුරට ඕන කාලෙදී පෙන්ෂන් එක හම්බ වෙනවා. හොඳට අහන්න කියලා තියෙන විදිහ...

:       4       27

SIRI Monday, 24 March 2025 03:14 PM

පොරොන්දු වුණු දේවල් ඉටු කරන එක අගේ කළයුතු ක්‍රියාවක්. ජනාධිපති වෙලා ගතවුණු හයමාසයට මන්ත්‍රී විශ්‍රාම වැටුප හැටියට ගත්තු සල්ලි සේරමත් ආපහු දුන්නා නම් තමයි තවත් හොඳ...

:       10       26

ගැලරිය පිනවන්න ගොස් මුල සිඳලීම Monday, 24 March 2025 04:08 PM

මේක ඇත්තටම හොඳ වැඩක් නෙමේ. ඔය ජනාධිපති වරප්‍රසාද කපන එකෙන් වෙන්නේ අනාගතේදී වැඩ කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ඔය පු‍ටුවට එන එක වැළකෙන එක විතරයි. සාමාන්‍යයෙන් සමාගමක ප්‍රධාන විධායක නිලධාරිගේ පඩියයි, පැන්ශනුයි කැපුවොත් දක්ෂයෙක් කවදාවත් ඔය තනතුර ගනීවිද? එතකොට රටක වගකීම දරන මිනිහාට නිකන් වගකීම් තොගයක් විතරක් ඔලුවට වැටිලා, ඒ වෙනුවෙන් ආරක්ෂාව, වේතන ලැබෙන්නේ නැත්තන් ඇයි මිනිහෙක් ඔය තනතුර ගන්නේ...

:       3       39

කුමාර Monday, 24 March 2025 05:32 PM

බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ කතාව හරියාකාරවම නොකියවා පාට කණ්නාඩි වලින් බලා ප්‍රතිචාර දක්වා ඇති බවක් පෙනේ. 1977 ඉඳලා සීයා (ඔහුගේ වචනයෙන්) වැටුප් හෝ වාහන බලපත්‍ර ලබාගෙන නැති බව කෙනෙක් පවසා ඇත. ඒ පිළිබඳව හරියාකාරව හොයා බලන ලෙස එතුමා ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. සිරිමාවෝ මැතිනිය ගැන නම් කියන්න මම දන්නේ නෑ.

:       17       3

සීයMonday, 24 March 2025 07:39 PM

කුමාර ඔබතුමා හරියාකාරව හොයලාද ඔය සීයා ගැන අදහස දැම්මේ. ඔබතුමා සිරිමාවෝ මැතිණිය ගැන වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැනත් හරියටම නොදන්නා කෙනෙක් වගයි මට නම් හැඟෙන්නේ...!

:       2       16

Saman Monday, 24 March 2025 08:18 PM

දැන් ඔන්න ලංකාවේ ආර්ථික වර්ධනය බලාගෙන ඉද්දී උඩ යයි.

:       2       15

de silva Monday, 24 March 2025 08:38 PM

අවංකව කාර්යක්ෂම සේවයක් සලසන ජනාධිපති වරයෙක් හෝ මන්ත්‍රී කෙනෙකු ඊට අදාල වැටුප් ගත්තාට, සේවය කරන කාලයේ වැටුපට අදාල EPF / ETF ලබාගැනීම වරදක් ලෙස මම නොදකිමි. තමන් කලින් උපයාගත් ධනයක් නොමැති නම් එම මනුස්සයාට තම විය හියදම් සොයාගන්න අනිවාර්යයෙන් හොරකම් කරන්න සිදු වෙනවා. නමුත් චන්දෙට කලින් අපි මන්ත්‍රී වැටුප් ගන්න නැහැ කියලා පසුව වැටුප පක්ෂේ අරමුදලට හරවා පක්ෂෙන් වැටුප් ගැනීම වැනි ජනතාව නොමග යැවීම අනුමත කරන්න බැහැ. පක්ෂෙට ගෙව්වත් අතට දුන්නත් රටේ බදු ගෙවන ජනතාව මෙම බර පැන දරන්න ඕනේ...

:       0       6

බද්රානි Monday, 24 March 2025 09:00 PM

මේ අමනොඥ වසලයින්ගේ රටේ පුළුවන් තරම් හොරකම් කරගෙන හිඟමනටම පත් කරලා, රටත් බංකොලොත් කරලා රජෙක් වගේ ඉන්නේ නැතිව මොනාද මේ කරන පිස්සු වැඩ..? අන්න එහෙම කලාමනේ අපේ එවුන් හතරගාතෙන් වැටීගෙන ගෞරව කරන්නේ..

:       8       8

Salindu Tuesday, 25 March 2025 12:15 AM

බද්‍රානි කතා කරන විට කටින් වැසිකිලි සුවඳ වහනය වෙනවා

:       0       1

බද්රානිTuesday, 25 March 2025 02:34 PM

මුඛයයි, අධෝ මුඛයයි එක ළඟ නාසය පිහිටා ඇති, ඇත්ත ඇහෙන විට නැට්ට උස්සලා පහරන සලිඳු වැනි පිම්පියන්ට අපට දැනෙන වැසිකිළි ගඳ, සුවඳක් ලෙස දැනීම අරුමයක් නොවෙයි. අනික, එක එකාගේ පස්ස පැත්තට නාසය ලන්කරන අය ඉව අල්ලමින් හොයන්නේ මොනවාද කියලා මට නම් හිතා ගන්න පුළුවන්.. චීයා! කැත නැද්ද හලෝ..

:       2       2

Jamal Tuesday, 25 March 2025 12:21 AM

මෙච්චර කල් කියලා තියෙන්නේ ඔක්කොම බොරු නම්, මේ කතාව විතරක් ඇත්ත වෙන්න විදිහක් නැහැ බන්. අතීතයෙන් පාඩම්ගෙන ගනිල්ලා බන්.

:       1       1

prasanna Tuesday, 25 March 2025 12:32 PM

88/89 මෙමෙ සංවිධානය හොඳ මුදල් රන් ආභරණ හම්බ කරලා.... අම්මෝ සල්ලි තියෙනවා පැලෙන්න වුවමනාව නම් අයිඑම්එෆ් එකටත් ලොන් දෙයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 8 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 98 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 305 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 340 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 390 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


අනියම්‌ පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට
2025 අප්‍රේල් මස 21 784 0

අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site