IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනපති අපේක්ෂකයකුගේ නිති කැඩූ ගෝලයෝ 30 ක් පස්ස දොරෙන් ගෙදර යවලා

(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද නීති කඩ කළේ යැයි කියන  මුල් පෙළේ ජනාධිපති අපේක්ෂකයකුගේ  ආධාරකරුවන් තිස්  දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධානීන්ට  එරෙහිව පැෆරල් සංවිධානය  මැතිවරණ කොමිෂන්  සභාවට පැමිණිලි කර ඇත.

මෙම  ආධාරකරුවන් තිස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ නීති විරෝධී ලෙස පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සිටියදී යැයි  එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මෙයට අමතරව මැතිවරණ පෝස්ටර් ඉවත් නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට එරෙහිවද  මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව ඔහු සඳහන් කළේය.

සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දුන් උපදෙස් නොගෙන ඒ අය කටයුතු කර ඇති බවටද   තොරතුරු වාර්තා වී ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීවේය.

පොලිස්පතිවරයකු නොමැතිව තිබියදී බොහෝ පොලිස් ස්ථාන ඉතා හොඳින් මැතිවරණ රාජකාරී ඉටු කරද්දී සමහර නිලධාරීන් මෙලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු කැළලක් ඇතිවන බවද  රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.



අදහස් (0)

ජනපති අපේක්ෂකයකුගේ නිති කැඩූ ගෝලයෝ 30 ක් පස්ස දොරෙන් ගෙදර යවලා

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 917 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1844 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2306 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5700 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1710 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6277 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18166 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site