IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජනපති අපේක්ෂකයන්ට තර්ජන

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතා තීරණය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම වාර්තාව කැඳවීමට  තීරණය කර ඇතැයි පොලිස්  ආරංචි මාර්ගවලින් පැවසේ.

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප්  මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු මෙරට ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ඉහළ අවධානය යොමුවී  ඇතැයි  වාර්තාවේ.

විපක්ෂ නායක සහ සමගි  ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජන ඇති බවට විදෙස් බුද්ධි සේවා අනාවරණය කර ඇති බව සඳහන් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ  විපක්ෂ නායකවරයාගේ ලේකම් නීතිඥ නීතිඥ  තිසත් විජේගුණවර්ධන මහත්වරුන් පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.

මේ අනුව  කතානායකවරයා පොලිස්පතිවරයා කැඳවා ඒ පිළිබඳව  සාකච්ඡා කළ අතර එහිදී පොලිස්පතිවරයා පැවසුවේ තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (6)

ජනපති අපේක්ෂකයන්ට තර්ජන

Kamal Koyrala Saturday, 20 July 2024 03:14 PM

පොලිස් පතිට බැරි නිසා ජනාධිපති තුමා කමිටුවක් පත් කලා එමනිසා වාර්තා අවශ්‍ය නැතිව යුක්තිය කරගෙන ඉන්න

:       4       2

sachith Saturday, 20 July 2024 04:23 PM

අපේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව අපි බලාගන්නම් එයාලාට තියන ලොකුම ආරක්ෂක තර්ජනය කමයි රනිල්

:       1       5

chandima Sunday, 21 July 2024 12:10 AM

පිස්සුද ඕයි. කාටවත් එහෙම තර්ජනයක් නැ ඒවා මැතිවරණ කොමසාරිස් බලා ගනියි. රගදෙන්නේ නැතුව ඉන්න

:       2       2

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 05:52 AM

බොහොම හොදයි බොහොම හොඳයි .

:       0       2

de silva Sunday, 21 July 2024 11:07 AM

මේ ඡන්දෙදි වැදගත් ජනපති අපේක්ෂකයා නොව පක්ෂයේ සහ කණ්ඩායමේ දේශපාලන මතවාදය , අපේක්ෂකයා මැරුනොත් පක්ෂේ ඉදිරිපත් කරන දෙවෙනියට විශාල අනුකම්පා චන්ද ප්‍රමාණයක් වැඩිපුර ලැබෙනවා , එමනිසා කවුරු කවුර්ත් අප්ක්ෂකයෝ මරණ අදහස අතරගන්න

:       1       1

Shehan Sunday, 21 July 2024 01:51 PM

ලොක්කා දැන් ඡන්දෙන් පස්සේ හැංගෙන්න තැනක් හොයාගත්තාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1528 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1334 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2082 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2398 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 566 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35896 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site