(අංජුල මහික වීරරත්න)
ගාලු මුවදොර අසල මුහුදේ ගිලෙමින් සිටි කාන්තාවක් බේරා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු අද (01) සමත් වූහ .
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ ශාරිරික අභ්‍යාසවල නිරතව සිටියදී ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසළින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබේ.
එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ අතර කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.
දැනට එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිත අවදානමක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තම දිවි පරදුවට තබා මෙම නිර්භීත කාර්යය සිදු කිරීම පිළිබඳ පොලිස් පරීක්ෂක ඒ.එච්.පී.එස්. අධිකාරී නිලධාරියා ඇතුළු කණ්ඩායම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන්. ජමල්ඩීන් මහතාගේ ඇගයීමට ලක් විය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනපති ආරක්ෂක නිලධාරීහු මුහුදට පැන කතක් බේරා ගනිති